• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දට අගමැති කියන්න බෑ – මංගල කියයි

15 November 2018
in දේශීය

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය යන තනතුරු නාමය භාවිත කිරීම සහ ජනමාධ්‍ය තුළ ඒ ආකාරයෙන් ප්‍රචාරය කිරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීයි සහ සදාචාරාත්මක නොවන මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය 26 වෙනිදා ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය නීත්‍යානුකූල නොවන බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ ” ඊයේ (14) දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළහොත් එවිට ද ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ හොත් එවිට ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ.
ප්‍රකාරවල ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122කගේ අති බහුතරයක් විසින් සම්මත කොට අවලංගු ආණ්ඩුවක් බව තීන්දු කළේය.

එසේම අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී ගරු කතානායකවරයා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයෙක්ල සභානායකවරයෙක් හෝ විපක්ෂනායකවරයෙක් නොමැති බව සිය කතාව තුළින් අවධාරණය කර සිටියේය.

එසේ තිබිය දී ඇතැම් ජනමාධ්‍ය තවමත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නමත් සමග අගමැති යන තනතුරු නාමය භාවිත කොට සිය ප්‍රචාරණයන් සිදුකිරීම නීති විරෝධී කටයුත්තකිග එමෙන්ම එකී ක්‍රියාව තුළින් ගරු මන්ත්‍රීවරු සතු පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ද පෙන්වා දෙමි.

ඒ අනුව ඇතැම් ජනමාධ්‍ය ප්‍රචාරයන් තුළ මන්ත්‍රීවරුන්ගේ නම් සමගිඅගමැති‘ නාමය හෝ අමාත්‍ය‘ යන නාමයන් භාවිත කිරීම බරපතළ වරදක් බවත්ල හිතාමතා දිගින් දිගටම එසේ සිදුකිරීමට එරෙහිව ඉදිරියේදී නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බව දන්වා සිටිමි.

Post Views: 9
Previous Post

හෙට යලිත් පාර්ලිමේන්තුව රැස්වෙයි (Update)

Next Post

අපි ළඟත් තුරුම්පු තියෙනවා … ජනාධිපතිවරණයක් තියන්න – රවුෆ් හකීම් කියයි

editor

editor

Next Post

අපි ළඟත් තුරුම්පු තියෙනවා ... ජනාධිපතිවරණයක් තියන්න - රවුෆ් හකීම් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved