• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණය පැත්තකින් තියලා රට ගැන හිතන්න – මන්ත්‍රී දුමින්ද

7 May 2019
in දේශීය

සියලු පක්ෂ තමන්ගේ පක්ෂ වල තියෙන පුද්ගලික අරමුණු පැත්තකින් තියලා, මැතිවරණ පිළිබඳ තියන බලාපොරොත්තු,ඉලක්කයන් අතහැරලා මේ වෙලාවේ ශ්‍රී ලාංකීය ජාතියක් , එක රටක්, එක නීතියක් කියන සංකල්ලය මේ රටේ ස්ථාපිත කරන්න ඕන යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පළාතේ ආරක්ෂක ප්‍රධානීන් හා රාජ්‍යය නිළධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුවය.

මෙම සාකච්ජාව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අතර, ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් කීර්ති ගමගේ, අනුරාධපුර පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා ඇතුළු සහකාර පොලිස් අධිකාරීවරුන්, යුධ හමුදා හා ගුවන් හමුදා නිළධාරීන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළාප කීපයක අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී අනුරාධපුරයේ පිහිටි පූජනීය ස්ථානයන්හී ආරක්ෂාව හා පාසල් හී ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ජා කෙරුණු අතර, මේ වන විට දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ” මේ සිදුවීම් වලදී මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මේ රටේ සිටින බෞද්ධ ජනතාවට, මේක කාදිනල්තුමත් පිළිගන්නවා මේක බෞද්ධයා පදනම් වුණ රටක් කියලා.ඒ වගේම කාදිනල්තුමා කියලා තිබුණා මේ බෞද්ධයන්ගේ තියෙන සාමකාමී බව , බෞද්ධයන්ගේ තියෙන බෞද්ධ ගති නිසා තමයි අපිට අපේ ආගමත් මේ රටේ ක්‍රියාත්මක කර ගන්න පුළුවන්කම ලැබුණේ කියලා.ඒ නිසා අපි අපේ රටේ බෞද්ධයන්ට ස්තූතිවන්ත විය යුතුයි මෙතරම් සිද්ධියක් වෙලත් , බුදු රජාණන් වහන්සේ අපිට ඉගැන්නූ පාඩමේ විදිහටම වරදක් කළත් ඒ වැරදි කරපු මිනිහාටත් අනුකම්පා කරන්න ඕන කියන චේතනාවෙන් එක පොල්ලක්, එක කඩුවක් අතට ගත්තෙ නෑ, හැබැයි අපි දැක්කා හම්බුණ කඩු හම්බුනේ කොහෙන්ද, පොලු හම්බුනේ කොහෙන්ද කියලා.හැබැයි බෞද්ධයෝ ලෙස කිසිම කරදරයක් කරලා ජාති වාදය අවුස්සන්න සම්බන්ධ වුණේ නෑ.බෞද්ධයන්ට අපි ස්තූතිවන්ත වෙනවා වගේම කාදිනල්තුමන්ට අපි ස්තූතිවන්ත විය යුතුයි එතුමා තමන්ගේ ආගම අදහන පිරිසකට අසාධාරණයක් සිදු වෙලත් එතුමා නායකත්වය ගත්තා නෑ මේක අපි ජාතිවාදයෙන් නෙමෙයි , මේක අපි මනුස්සකමින් බේර ගන්න ඕන කියන කාරණාවත් එක්ක.

ඒ වගේම සමාජ ජාලා භාවිතා කරන සියලුම තරුණයින්ගෙන් අපි ඉල්ලීමක් කරනවා, මේ වෙලාවේ ත්‍රස්තවාදීන්ට ඕන වෙලා තියෙන්නේ මැරෙන ගානට වඩා ජාතිවාදයක් අවුස්සා ගන්න එක, මැරෙන ප්‍රමාණයට වඩා තව ප්‍රමාණයක් ජාතිවාදයත් එක්ක අවුස්සාගෙන ඒ අයට යම් අසාධාරණයක් වෙනවා, ඒ අයට යම් අඩු පාඩුවක් කරනවා මතය ඇති කරන්න තමයි ඒ අයට අවශ්‍යතාව තියෙන්නේ, ඒ නිසා අපි ශෝෂල් මීඩියා භාවිතා කරන බොහෝ දෙනෙක් හොඳ බුද්ධියක් තියෙන, උගත්, රටට ආදරය කරන පිරිසක්, අපි මේ මිලේච්ජත්වය පරදනවා මිසක්, මිලේච්ජත්වයට ජාතිවාදය ඇති කරන්න, ජාතිවාදය අවුස්සන් අපි උත්සහ කළ යුතු නෑ, කවුරුන් හෝ ජාතිවාදය අවුස්සනවා නම් ඒකට විරුද්ධ වීම තමයි මේ සෝෂල් මීඩියා භාවිතා කරන රටේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තියෙන තරුණ පරම්පරාව, විද්වත් පරම්පරාව මේ හැමෝගෙන්ම අපි ඉල්ලීමක් කරනවා මේ මිලේච්ජත්වය පරද්දන්න, ජාතිවාදය අවුස්සන කිසිකෙනෙකුට උදව් දෙන්නත් එපා, තමන් විසින් මේක කරන්නත් එපා, යම් කිසි කෙනෙක් ජාතිවාදය අවුස්සනවා නම් ඒ ජාතිවාදය නැති කරන්න, මිලේච්ඡත්වය මේ රටින් අතුගාලා දාන්න සියලු දේ කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. යැයි මන්ත්‍රී දුමින්ද පැවසීය.

Post Views: 11
Previous Post

රිෂාඩ්, අසාත්, හිස්බුල්ලා, මුජිබර්ට එරෙහිව ජානිපෙන් CIDයට පැමිණිල්ලක්

Next Post

සියළු අන්තවාදින්ට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා කල යුතුයි – මහලේකම් දයාසිරි කියයි

editor

editor

Next Post

සියළු අන්තවාදින්ට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා කල යුතුයි - මහලේකම් දයාසිරි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved