27 July 2024
#දේශීය #පුවත්

මැතිවරණ ගැන තීන්දු ගන්න කැබිනට් මණ්ඩලයට බෑ -මන්ත්‍රී තිස්ස

මැතිවරණයක් කල් දැමීම , නාමයෝජනා අවලංගු කිරිම කැබිනට් මණ්ඩලයට තීරණය කළ නොහැකි බවත් එම කටයුතු සිදුකළ යුත්තේ මැතිවරණ කොමිසම බවත් මේ සම්බන්ධයෙන් මැතිවරණය කොමිසම වහාම ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (16) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

මැතිවරණ කොමිසමේ නිර්දේශ නැතිව කැබිනට් මණ්ඩලය පළාත් පාලන ආයතනවල නාමයෝජනවා අවලංගු කිරීමට තිරණය කිරිම හෝ ක්‍රියාකිරිම බරපතල ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් බවත් එය මහජනතාවට සිදුකළ බරපතල අසාධාරණයක් බවත් අත්තනායක මහතා හෙතෙම පැවැසීය.

ඉදිරි මාස කිහිපය තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන් පසුව පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පවත්වා එම ආයතන මහජන නියෝජිතයන්ට භාර දෙන්න කටයුතු කරන බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *