• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැදිරිගිරිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය ගොවි ජන අයිතියට

10 December 2018
in සංවර්ධන

කෘෂි නිෂ්පාදන වර්ධනය කරමින් රටේ යහපත් ආර්ථීකයක් ගොඩනැගීමට මෙන්ම ගොවියාට සාධාරණ මිලක් ලබාදෙමින් ඔවුන් ණය බරින් නිදහස් කර ගැනීමට ගෙන යන ජාතික සංවර්ධන සැලසුම් අතර ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ගොවි ජනතාවගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් ක්‍රියාවට නංවා තිබේ.

ඒ යටතේ ඉදිකෙරුණු පොළොන්නරුව මැදිරිගිරිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය අද (09) පෙරවරුවේ ජනතා අයිතියට පැවරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි.

ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

පසුගිය කන්නගේ වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණු අතර ගොවීන් 3634 දෙනෙකු වෙනුවෙන් රුපියල් කෝටි හත හමාරකට ආසන්න මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කෙරිණි.

එය සංකේවත් කරමින් ගොවීන් 20 දෙනෙකු වෙත වන්දි ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

එමෙන්ම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය වෙත වී භාරදුන් ගොවින් තිදෙනෙකු වෙත ගුදම් කුවිතාන්සි පිළිගැන්වීම සිදුවූයේ ද ජනාධිපතිවරයා අතිනි.

ප්‍රදේශයේ මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 19
Previous Post

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි පෙත්සම කල් යයි

Next Post

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම කාට හෝ අයිතියක් නෑ – නලින්ද කියයි

editor

editor

Next Post

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම කාට හෝ අයිතියක් නෑ - නලින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved