27 April 2024
#දේශීය

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි පෙත්සම කල් යයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එම කැබිනට් මණ්ඩලය විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය හරහා සිය මූලික අයිතිවාසිකම්ට කඩවී ඇති බව සඳහන් කරමින් දඹර අමිල හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එළැඹෙන ජනවාරි මස 07 දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

වගඋත්තරකාර පාර්ශ්වයන් වෙනුවෙන් මේ සතියේදී නොතීසි නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය දැන්වීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *