• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිරිස් කුඩු ගහපු අය දැන් මඩ ගහන්න පටන් අරන් …. ! අගමැති කියයි

11 February 2019
in දේශීය

පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගැසූ අය දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට මඩ ගසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 09 වනදා ගාල්ල, නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එදා මාධ්‍යවේදීන් ගණනාවකගේ ජීවිතය අහිමි වු බවයි. එසේම ඉතා භයෙන් එදා වැඩකටයුතු කරන්නට සිදු වු බවත් අද වන විට ඒ භය නැති වී තිබෙන බව හෙතෙම පැවසිය. ආණ්ඩු කළත් භය නැති නිදහස් සමාජයක් ගෙන යා යුතු වන අතර එලෙස නිදහස් සමාජයක් ගෙන යාමට හැකියාව ලැබෙන්නේ අප ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් පමණක් බවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරනවා නම් එවැනි දෙයක් සිදුවන්නේ නොවන බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම දැන් මෙම ස්වාධීන ආයතනවලට අලූතින් පහර ගසන්නට පටන්ගෙන තිබෙන අතර පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගැසූ අය දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට මඩ ගහන බව ඔහු අවධාරණය කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේ ” ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු අපට පක්‍ෂව මෙන්ම විරුද්ධවත් ලැබී තිබුණා. ඒ පිළිබඳව අප පෞද්ගලිකව චෝදනා කළේ නැහැ. නඩු තීන්දුවකට එකඟ නැතිනම් පාර්ලිමේන්තුවේ එය විග්‍රහ කරන්නට ඕනෑම මන්ත්‍රීවරයෙකුට අයිතිය තිබෙනවා. අපත් එලෙස විග්‍රහ කර තිබෙනවා. ඕනෑම පාර්ලිමේන්තුවක එවැනි දේ සිදු වෙනවා. එහෙත් පෞද්ගලිකව මඩ ගසන්නට බැහැ. චෝදනාවක් තිබේ නම් දෝභාභියෝගයක් ගෙනෙන්න. අප විභාග කර බලන්නම්. වැරදි නම් ඉවත් කරන්නම්. එවැනි දේ ලෝකයේ සෑම තැනම කරගෙන යනවා. දැන් විනිශ්චයකාරවරුන් සහ උසස් නිලධාරීන් පත් කිරීමේදී අලූත් ක්‍රමවේදයක් තිබෙනවා. සමහර රටවල විධායකය විසින් එම පත් කිරීම් කරනවා. එය රටට අසාර්ථක වූ නිසා අප ව්‍යවස්ථාදායක සභාව ඉදිරිපත් කළා.

Post Views: 8
Previous Post

මෙවර සවුදි රජය විසින් රට ඉදි වැඩි ප්‍රමාණයක් මෙරටට – ඇමැති අබ්දුල් කියයි

Next Post

එජාපයට නව ආසන සංවිධායකවරුන් පත් කරයි ..! රූකාන්තට ආසනයක්

editor

editor

Next Post

එජාපයට නව ආසන සංවිධායකවරුන් පත් කරයි ..! රූකාන්තට ආසනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved