• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුදල් ඇමැති නීතිවිරෝධීව රේගුවට බලපෑම් කළැයි යන පුවත මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

27 November 2018
in දේශීය

නීතිවිරෝධීව ඩොලර් රටින් පිටකිරීමට තැත්කළ පුද්ගලයා නිදහස් කරන්නැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුවට බලපෑම් යනුවෙන් වෙබ් අඩවි සහ සමාජ මධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවත් ශ්‍රී ලංකාවෙන් බැහැරට යන ඉරාන ජාතිකයකු සතුව තිබී ඇ.ඩො 53,455ක මුදලක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෑතකදී අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ පිළිබඳ පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඉරාන සමූහාණ්ඩු මුල්‍යාධාර යටතේ ක්‍රියාත්මක උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන ජාතිකයන් විසින් තම මාසික වැටුප තම නිවෙස් වලට යැවීම සඳහා මෙසේ ඉරානයට යවන අවස්ථාවේ දී කටුනායක ගුවන්තොටුපොළේ රේගුව විසින් මෙම වැටලීම කර ඇති බව වාර්තා වී ඇති බවය.

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර බැංකු හරහා මූල්‍ය ගණුදෙනු සිදු නොකරන බැවින් මෙම සේවකයන් විසින් මෙසේ මුදල් යැවීම පිළිබඳව සානුකම්පිතව සලකා බලා මෙම මුදල් නිදහස් කරන්නැයි 2018 ඔක්තෝබර් මස 03 දින ශ්‍රී ලංකාවේ සිටින ඉරාන තානාපතිතුමා විසින් මුදල් අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා රේගු ආඥාපනතේ 164 වැනි වගන්තිය අනුව මුදල් විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව තානාපති මාර්ගයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ සානුකම්පිතව සලකා බලා අදාළ ඇගඩො 53,455ක මුදල අදාළ පුද්ගලයා වෙත ආපසු භාර දෙන මෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුව වෙත නියෝග කරන ලදී.

ශ්‍රී ලංකාවේ සේවය කරන ඉරාන ජාතිකයන් විසින් ඉරානයට මේ අයුරින් මුදල් රැගෙන ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මෙයට පෙර මේ අයුරින් විදේශ මුදල් ඉරානයට රැගෙන ගිය අවස්ථාවේ දී ඉරාන ජාතික සේවකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අල්ලා ගත් විටද එවකට සිටි මුදල් අමාත්‍යවරයා විසින් ද 2018 ජූනි මස මේ අයුරින් එම මුදල් සානුකම්පිත පදනම මත නිදහස් කර තිබේ.

Post Views: 8
Previous Post

අද පාර්ලිමේන්තුව යළි රැස්වෙයි …. ආණ්ඩු පක්ෂය එයිද? එජාපය …?

Next Post

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

editor

editor

Next Post

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved