• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය පොලොන්නරුවේදී විවෘත කරයි

3 July 2019
in සංවර්ධන

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි. නූනත යුගයට ගැළපෙන නවීන තාක්ෂණය යොදාගෙන මිනිස් සංහතිය සතු වූ ඉපැරණි තාක්ෂණය අද වෙසෙන ජනතාවට අවබෝධ කර දීමක් ලෙස මෙම කෞතුගාකාරය හැදින්විය හැකි අතර මෙය මෑතකාලීනව සිදු කෙරුණු විශාලතම ව්‍යාපෘතියකි.

පෞරාණික දේශීය තාක්ෂණයට අයත් කෞතුක භාණ්ඩ එක් රැස් කිරීම හා ඒවා මතු පරපුරට සංරක්ෂණය කිරීම ද මෙම කෞතුකාගාරය පිහිටුවීමේ අරමුණ වී තිබෙන අතර, වත්මන් තාක්ෂණික යුගයට අයත් නවීනතම කෞතුකාගාරයක තිබිය යුතු අංගෝපාංගවලින් මෙම කෞතුකාගාරය සමන්විත ය.

මෙය ප්‍රධාන මහල් 03කින් සමන්විත අතර බිම් මහලෙන් නරඹන්නන්ට පොළොන්නරු යුගය පිළිබද කෙටි හැඳින්වීමක් ලබා දෙමින් එම යුගයට අයත් කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය කර තිබේ. බ්ම් මහළ මැදිරි 04කින් සමන්විත වන අතර පළමු මැදිරිය පොළොන්නරු යුගය පිළිබඳව ද, දෙවන මැදිරිය ප්‍රාග් හා පූර්ව ඓතිහාසික තාක්ෂණය පිළිබඳ විස්තර කරමින් ද, තුන්වන මැදිරිය මැටි බඳුන් හා ලෝහ තාක්ෂණය ද, සිව් වන මැදිරිය කෘෂි හා වාරි තාක්ෂණය වෙනුවෙන් ද වෙන් වී තිබේ.

පළමු මහලේ මැදිරි වෙන් වී ඇත්තේ ගොඩනැගිලි තාක්ෂණය, බිතු සිතුවම්, මූර්ති හා දැව තාක්ෂණය සහ රෙදිපිළි, නාවුක හා ගණිත මිණිත තාක්ෂණ මැදිරි ලෙසිනි. පළමු මහල දේශන ශාලාවකින් ද, ක්‍රියාකාරකම් මැදිරියකින් ද, නව්‍යකරණ මධ්‍යස්ථානයකින් හා සමරු ප්‍රකාශන අලෙවි සැලකින් සමන්විත වන අතර පුස්තකාලයක් සහ දේශන ශාලාවක් ද දෙවන මහළට අයත් වේ.

නව්‍යකරණ මැදිරියෙන් සීගිරි ඡේතවන ආදි පෞරාණික ස්ථානවල ත්‍රිමාන රූප නිරූපණය කරන අතර විදේශීය කෞතුකාගාරවල මෙන් ම මෙම පුරාවිද්‍යා ස්ථානවල සජීවි ව හිද ඡායාරූප ගතහැකි අයුරින් තාක්ෂණය යොදා ඇත. ඒ සියලු පහසුකම්වලින් සුසැදි ශ්‍රවණාගාරයක්, ග්‍රන්ථ ප්‍රකාශන අලෙවිහලක් හා සිහිවටන භාණ්ඩ අලෙවිහලක් මෙහි දැකගත හැකි වේ. එහි විකිණිමට ඇති සිහිවටන භාණ්ඩ සුවිශේෂී වන්නේ ඒ සියල්ල තල්පත්වලින් නිම වූ සිහිවටන වීමයි. මෙම තාක්ෂණ කෞතුකාගාරය සතු පුස්තකාලය කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ දිගුවක් වන අතර එහි විශේෂත්වය වන්නේ පොත් බැහැර කිරීමේ අංශයක් ද ක්‍රියාත්මක වීමයි.

ස්වයං අධ්‍යයනය භාෂා තුනෙන්ම මෙය ක්‍රියාත්මක වන අතර මෙම කෞතුකාගාරය විදේශිකයන්ට ද පහසුවෙන් පරිහරණය කිරීමට හැකියාව පවතී. පාසල්, විශ්වවිද්‍යාල සිසුන්ට හා පර්යේෂකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද විශාල ප්‍රයෝජනයක් අත්කර දෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකරන ලද පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ සියුල කටයුතු කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුවන අතර මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 900කි.

සමරු ඵලකය නිරාවරණය කර කෞතුකාගාරය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, පේෂල ජයරත්න, ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු අරක්ෂක අංශ ප්‍රධානිහු ද, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සනුජා කස්තුරිආරච්චි මහත්මිය ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 19
Previous Post

හේමසිරි – පුජිත ලබන 09 වනදා තෙක් යලි රිමාන්ඩ්

Next Post

මේ ආණ්ඩුව තමයි රාජ්‍ය සේවයට වැඩිපුර සැලකුවේ – ඇමැති රංජිත් කියයි

editor

editor

Next Post

මේ ආණ්ඩුව තමයි රාජ්‍ය සේවයට වැඩිපුර සැලකුවේ - ඇමැති රංජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved