• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙවර යල කන්නයේ වී සඳහා වැඩි මිලක් දෙන්න රජය සූදානම්- ඇමැති වජිර

8 August 2019
in දේශීය

යල කන්නයේ වී මිලදී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරු හරහා සිදුකරමින් වෙනදාටත් වඩා වැඩි මිලක ට වී මිලදී ගැනීමට රජය සැළසුම් කර ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවුසවේ අද (08) දිසාපති සමුළුව සියලුම දිසාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැති අවස්ථාවට එක්වෙමින්.

එහිදී අදහස් දැක් වු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා “පසුගිය වසරේ දිසාපතිවරු හරහා වී මිලදී ගැනීම ඉතාමත්ම සාර්ථකව සිදුවුණා. මේ නිසා වී ගොවියන්ට සාධාරණයක් සිදුවුණා. මේ වසරේ දී දැන් යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ඒ ආකාරයෙන් සිදුවිය යුතුයි. මෙවර අස්වැන්න වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව තමයි සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ. රජයත් වෙනදාට වඩා වැඩි මිලක් වී සඳහා ලබාදෙන්න සැළසුම් කර තිබෙනවා.”

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත වැඩ අවසන් කරන ලද විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පසුගිය මසයේදී ජනතා අයිතියට පත් කළ බවත් ඒ අතරින් කොළඹ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය නිල මැදුර ගොඩනැගිල්ල විශේෂත්වයක් ගන්නා බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

මොණරාගල දිස්ත්‍රික්යේ බඩල්කුඹුර, සියඹලාණ්ඩුව සහ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිලි අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම ඇතුළුව රුපියල් ලක්ෂ ලක්‍ෂ 11,560 වියදමකින් ගිරාඳුරුකෝට්ටේ ජල යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම, රුපියල් ලක්ෂ 325ක වියදමකින් ඉදිකරන ලද පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමද ඒ අතරින් සිදු වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 5
Previous Post

කෝප් කමිටු කටයුතු හෙට සිට මාධ්‍යයට විවෘතයි

Next Post

රට ඉස්සරහට යන්නනම් සන්ධාන ගත වෙන්න ඕන – අගමැති

editor

editor

Next Post

රට ඉස්සරහට යන්නනම් සන්ධාන ගත වෙන්න ඕන - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved