• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේක විපක්ෂය නැතිවෙන අයවැයක් – ඇමැති රවි කියයි

6 March 2019
in දේශීය

මේක මැතිවරණ අයවැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අයවැයක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) පෙරවරුවේ කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින්.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, “සීමිත සම්පත්, අසීමිත ඉල්ලීම් සදහා යොදාගනිමින් මෙවර අයවැය ඉදිරිපත් කරලා තිබෙනවා. ආණ්ඩුවක් වශයෙන් ජනතාවට පුළුවන් උපරිමයෙන් සහන ලබාදෙන්න තමයි අපේක්ෂා කරන්නේ. මීටත් වඩා දෙන්න තිබෙනවානම් හොදයි.ඒ පිළිබදව අවධානය යොමුකරලා, අඩුපාඩු තිබෙනවානම් ඒවා සකස් කරගන්න මේ දවස්වල කටයුතු කරගෙන යනවා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ, යමක් කිව්වොත් ඒ දේ කරන පක්ෂයක්. අපි ආණ්ඩුවක් වශයෙන් අයවැය ඉදිරිපත් කළේ විශිෂ්ඨ ආකාරයෙන් සම්මත කරගෙන ජනතාවට සහන සලසන්න මිසක්, කාටවත් බයේ කටයුතු කරන්න නෙමෙයි. ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියලා සටන් කරලා අවසානයේ ජනතාව තමයි දුක් විදින්නේ. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යම් එකගතාවයක් ඇති කරගෙන, එකට වැඩකරන්න පුළුවන් තත්ත්වයක් උදාකරගෙන සෙතක් සලසා ගතයුතුයි.

ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ වනවිට එකට වැඩකරගෙන යනවා. කොහේ හෝ මෙහි දුරස්ථ බාවයක් ඇති වෙලා තිබෙනවා. අන්න ඒ දුරස්බව නැති කරගෙන , නිවැරදි ඉදිරි ගමනක් යන්න අපි දැඩි උත්සාහයක යෙදෙනවා” යැයි පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාව සදහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාද සහභාගි විය.

Post Views: 4
Previous Post

උතුරු නැගෙනහිර සංවර්ධනයට මෙවර අයවැයේදී අවධානය යොමු වීම ගැන සතුටුයි

Next Post

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

editor

editor

Next Post

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved