• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ ප්‍රහාරය ඇතැම් අය දේශපාලන බංකොලොත්කම වසා ගන්න හදනවා – ජවිපෙ

9 May 2019
in දේශීය

“අන්තවාදය පැරදවීමට, ජාතික සමගිය ගොඩනැගීමට, මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අපගේ කාර්යභාරය” මැයෙන් දිවයින පුරා දැනුවත් කිරීම් මාලාවක් ක‍්‍රියාත්මක කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද(09) එම පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ එම වැඩසටහන මැයි 10දින ආරම්භ කරන බවත් මාතරදී ටිල්වින් සිල්වා මහතාගෙත් කළුතරදී පක්ෂ නායක අනුර දිසානායක මහතාගෙත් සහභාගිත්වයෙන් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණ පවත්ව බවයි.

මැයි 11 දින කොළඹ, කෑගල්ල, අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර යන දිස්ත‍්‍රික්කවලදීද මෙම සම්මන්ත‍්‍රණ පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසිය. මේ මස 12, 14, 16, 19, 20දිනවල ඉතිරි දිස්ත‍්‍රික්කවලදීද දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව මන්ත්‍රීවරයා පැවසිය. රටේ ඇති වෙලා තිබෙන අස්ථාවරත්වය අවසන් කරන්න පක්ෂයක් ලෙස ගත හැකි සියලූ පියවර ගන්න බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ඒ වගේම ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙම ප‍්‍රහාරය තමන්ගේ දේශපාලන බංකළොත්කම වසා ගන්න පාවිච්චි කරනවා. පටු විදියට ජාතිවාදය පෝෂණය කරන වෛරී ප‍්‍රකාශ නිකුත් කරනවා. අන්තවාදී ත‍්‍රස්ත ප‍්‍රහාරයට එරෙහිව ප‍්‍රතිවිරුද්ධ අන්තවාදයක් පෝෂණය කරමින් තිබෙනවා. එක් අන්තවාදයක් වෙනුවට තවත් අන්තවාදයක් පෝෂණය කිරීමෙන් මෙම ප‍්‍රශ්නය විසඳන්න පුළුවන්කමක් නැහැ. ඒත් ඇතැම් පිරිස් එක් අන්තවාදයක් වෙනුවට තවත් අන්තවාදයක් පෝෂණය කරමින් තිබෙනවා. අන්තවාදය අන්තවාදයෙන් පරාජය කරන්න බැහැ. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේ ජාතික සමගිය තහවුරු කිරීමෙන් පමණයි. නමුත් ආණ්ඩුව ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට ජාතිවාදය පැතිරවීමට ඉඩ ලබාදී තිබෙනවා.

මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ජනතාව තුළ තිබෙන භීතිය සැකය අවිශ්වාසය දුරු කරන්න විශේෂ මෙහෙයුම්ක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයින් දැනුවත් කරලා රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි කාර්යභාරයට මැදිහත් වෙන්න දැනුවත් කිරීම් ආරම්භ කරනවා. ඒ වගේම ජාතික සමගිය වෙනුවෙන් කළ හැකි සෑම කටයුත්තක්ම සිදුකිරීමට මැදිහත් වෙනවා. යැයි මන්ත්‍රීවරයා පැවසිය.

 

Post Views: 15
Previous Post

SLPP සහ SLFP සාකච්ඡා 30 වනදාට කල් යයි

Next Post

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් මත අවලංගු කරන්නේ නෑ – ඇමැති වජිර

editor

editor

Next Post

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් මත අවලංගු කරන්නේ නෑ - ඇමැති වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved