• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යර්ස් ..! නෝ… කියන අය නෙමෙයි මට ඕන – ඇමැති රවි කියයි

6 February 2019
in දේශීය

හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් තමාට අවශ්‍ය නොවන බවත් වංචා දූෂණ තුරන් කරල රටට ඵලදායි සේවාවක් ඉටු කරන පිරිසක් අවශ්‍ය බව විදුලි , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ හෝ ඊට අයත් ආයතනයන්හි සිදුවී ඇතැයි පවසන හෝ සැක කෙරෙන වංචා, දූෂණ හෝ අක්‍රමිකතා ඇත්නම්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමග ඒ පිළිබදව සාකච්ඡාකර එම අක්‍රමිකතා අවම කරගනිමින්, ක්‍රමිකව, ඉතා කාර්යක්ෂම අමාත්‍යාංශයක් බවට පත්කර, එමගින් රටට ජනතාවට ඵලදායි ලෙස කටයුතු කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් ඊයේ (05) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.

අමාත්‍යවරයා එහිදී මෙසේ අදහස් පල කර සිටියේය “අපේ සමාජයේ යම් යම් පිරිස් සිටිනවා වංචාවට, දූෂණයට එරෙහිව කටයුතු කරන. ඒ පිරිසගේ දක්ෂතාව පාවිච්චි කරලා, මේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ තඹ සතේකවත් දූෂණයක් වංචාවක් තියෙනවාද, වෙනවද කියලා බලන්න මම හිතුවා. ඒ වෙනුවෙන් ගරුතර උලපනේ ස්වාමීන් වහන්සේ, රංජිත් විතානගේ, නිහාල් කිරිඇල්ල, නීතීඥ ප්‍රදීප් පෙරේරා, විමුක්ති දුෂාන්ත වගේ පිරිස් සහභාගි කරගන්න මට ඕන වුණා. ඒ අයට අඩුගානේ මාසයකට සැරයක් මේ අමාත්‍යාංශයේ කටයුතු සොයා බලලා, ප්‍රශ්න කරලා වංචා දූෂණ ඇත්නම් ඒ ගැන කතා කරන්න අවස්ථාවක් ලබාදෙන්න මට ඕනවුණා. මා විශ්වාස කරනවා මීට පෙර කිසිදු අමාත්‍යාංශයක මෙවන් තීරණයක් ගෙන නැහැ. අමාත්‍යාංශයේ මූල්‍යමය කටයුතු විනිවිදභාවයට පත්වනවාසේම, බොරු, අසත්‍ය අවලාද චෝදනා වළක්වා ගන්නත් මේ ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමයක් වේවි. ඒ වගේම මෙම ආරම්භක ව්‍යායාමය අනෙකුත් අමාත්‍යාංශ මගින්ද අනුගමනය කරනු ඇතැයිද ඒ තුළින් වංචා දූෂණ තුරන් කරල රටට ඵලදායි සේවාවක් ඉටුකිරීමටද හැකිවනු ඇතැයිද මාගේ විශ්වාසයයි. හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් නෙමෙයි මට අවශ්‍ය වන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Post Views: 8
Previous Post

වතු කම්කරුවන්ගේ ඉතිහාසය ගැන විනෝද් මුණසිංහගෙන් හෙළි දරව්වක්

Next Post

යහපාලනයට විරුද්ධයි – මන්ත්‍රී ඉෂාක් කියයි

editor

editor

Next Post

යහපාලනයට විරුද්ධයි - මන්ත්‍රී ඉෂාක් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved