• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ ඉඩම් විනාශ කරන්න ඉඩ නොදිය යුතුයි – ජනපති

20 June 2019
in දේශීය

ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කර දැමීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු අතර, ඉඩම් ප්‍රතිපත්තියක් කඩිනමින් සම්පාදනය විය යුතු බවට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉඩම් පනත සංශෝධනය පිළිබඳ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

ඉඩම් පිළිබඳ නීති රීති සැකසීමේ දී කිසිවිටෙකත් ධනපති පන්තිය හෝ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීමට කටයුතු නොකළ යුතු අතර රටේ අහිංසක දුක් විදින ගොවි ජනතාවට භූමියේ අයිතිය හිමිකර දීම වගකිව යුතු රජයක ප්‍රමුඛ අරමුණ විය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

එමෙන්ම රටක ඉඩම් භාවිතය පිළිබඳව ද නීති සම්පාදනය විය යුතු අතර, නව සංශෝධන යටතේ ඊට අදාල කොන්දේසි කිසිසේත් ඉවත් නොවිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉඩම් පිළිබඳ බලය ප්‍රාදේශීය සභා වෙත පැවරීම හේතුවෙන් සිදුව ඇති දූෂිත තත්ත්වය ද පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව ද අදාළ පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, පී. හැරිසන්, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු ද, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 3
Previous Post

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට නව ගිලන් රථ බාර දෙයි

Next Post

ඌන ක්‍රියාකරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම පනත සම්මතයි

editor

editor

Next Post

ඌන ක්‍රියාකරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම පනත සම්මතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved