• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි – කථානායක කියයි

14 February 2019
in දේශීය

නිදහස ලබා වසර 70 ක් ගෙවී ගිය ද දේශපාලන බල හුවමාරු සමග වෙනස් නොවන ජාතික න්‍යාය පත්‍රයක් තවමත් ස්ථාපිතව නොමැති බව ද රට තුල ඇති දැවෙන ප්‍රශ්න විසදීමට ස්ථිරසාර ජාතික න්‍යාය පත්‍රයක් සකස් කර ගැනීම මේ මොහොතේ පැහැරහල නොහැකි යුතුකමක් බව ද කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

කථානායකවරයා මේ බව පැවසුවේ අද (14 ) පෙරවරුවේ පැෆරල් සංවිධාන‍යට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සැමරුම් සම්මාන උළළෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

අප රටේ සමස්ත ජනගහනයට වැඩි ජනගහනයක් සිටින ප්‍රදේශ අසල්වැසි රටවල නගරාධිපතිවරුන් යටතේ පාලනය වන බවත් භෞතික සහ මානව සම්පත් රැසකින් පොහොසත් මෙම කුඩා දිවයින සමෘද්ධිමත් ශක්තිමත් දේශයක් ලෙස ගොඩනැගීම එතරම් අපහසු කාර්යයක් නොවන බවත් හෙතෙම සදහන් කළේය.

ඒ සදහා ජාති ආගම් පක්ෂ භේදයෙන් තොර ජාතික න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීමට ලැබෙන අවසන් ‍අවස්ථාව එළඹ ඇති බව ද නූපන් සහ අනාගත පරපුර වෙනුවෙන් එම වගකීම ඉටු කිරීම වත්මන් නායකකාරකාදීන්ගේ උරමත පැවරී ඇති බවද කරු ජයසූරිය මහතා පැවසිය.

ඇමති මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ.

 

Post Views: 17
Previous Post

ඊලඟ ඡන්දේදී විශාල පරිවර්තනයක් රටේ කරන බව ඇමැති කබීර් කියයි

Next Post

ඒකාබද්ධයට ආණ්ඩුව පෙරළන්නේ පැණි කන්නයි – ඇමැතිනි තලතා කියයි

editor

editor

Next Post

ඒකාබද්ධයට ආණ්ඩුව පෙරළන්නේ පැණි කන්නයි - ඇමැතිනි තලතා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved