• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ සියලු ජනකොටස්වලට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් ගොඩනැගිය යුතුයි – ජනපති

4 June 2019
in දේශීය

රට තුළ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව ද අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරමින් ප්‍රශ්න විසඳාගැනීම ඉතා වැදගත් වන අතර, රට තුළ මතුව ඇති තත්ත්වය සාමකාමී ලෙස සමනය කර ගැනීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති ජාතික ඉෆ්තාර් උත්සවය අමතමිනි.

ජාතීන් වශයෙන් ගැටුම් ඇතිකරගතහොත් රට විනාශයට පත්වන අතර සියලුදෙනා සහෝදරත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපතිවරයා පැවසිය.

එකිනෙකා දෙස වෛරයෙන් සහ සැකයෙන් බැලීම සිදුවන තාක් රටේ ජාතික සමඟිය ගොඩනැඟිය නොහැකි බව හෙතෙම පැවසිය.

අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, රටේ සියලු ජනකොටස්වලට සාධාරණ සමාජයක නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැඟීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

ඉස්ලාම් ජනතාවගේ ගැටලු කිහිපයක් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් රිමාන්ඞ් භාරයේ රඳවාගෙන සිටින බවට ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳ අදහස් දැක් වූ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ පිළිබඳ වාර්තාවක් තමා මේ වන විට ගෙන්වා ගෙන තිබෙන බවත්, අප්‍රේල් 21 සිදුවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා තවදුරටත් රඳවාගෙන සිටින මුස්ලිම් ජාතිකයන්ගේ සංඛ්‍යාව 559ක් පමණක් බවත් අදාළ විමර්ශන කටයුතුවලින් අනතුරුව ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ නොවන සියලු දෙනා කඩිනමින් නිදහස් කිරීමට උපදෙස් ලබා දී තිබෙන බවත්ය.

කථානායක කරූ ජයසුරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, තානාපතිවරුන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 74
Previous Post

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරු තනතුරුවලින් ඉවත් වෙයි

Next Post

රෝහණ ලක්ෂමන්ට ආණ්ඩුකාර ධුරයක් ….. !

editor

editor

Next Post

රෝහණ ලක්ෂමන්ට ආණ්ඩුකාර ධුරයක් ..... !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved