• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රන්ජන් නිදහස් කිරීමේ අරගලය අවසන් නෑ – විපක්ෂ නායක සජිත්

27 August 2022
in දේශීය

රන්ජන් රාමනායක මහතාට තවමත් ප්‍රජා අයිතිය හෝ දේශපාලනය කිරීමේ අයිතිය හෝ මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය, ලැබී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ නිකවරටිය ආසන බලමණ්ඩලයේ අද (27) පැවැති රැස්වීමකදිය.

රංජන් රාමනායක මහතාට ලබාදී ඇත්තේ බාග නිදහසක් බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වෙනි ව්‍යවස්ථාවේ 1ඈ, අනුව ලබාදුන් නිදහසක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ඒ අනුව සිදුවී ඇත්තේ එතුමාට සිරගතව හිඳින්නට තිබූ ඉතිරි කාලය ඉවත් කිරීම පමණක් බවත් පැවසීය.

34වන ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තිය යටතේ එතුමාට නිදහස ලබාදිය යුතු වුවත් සිදුවී ඇත්තේ එවැන්නක් නොවන බව කී හෙතෙම, රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබා දෙන ලෙස කාරුණිකව ජනාධිපතිවරයාට සිහිපත් කරන බවද පැවසීය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ නායකයා ලෙස තමන් රන්ජන් රාමනායක මහතා තවමත් මන්ත්‍රීවරයකු ලෙස සලකා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැඳවන බවත්, මන්ත්‍රී කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වයත්, කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වයත් ඒ මහතාට ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී ව්‍යාපාරය ප්‍රධානියා ලෙස ද ලෙසද රන්ජන් රාමනායක මහතාව පත් කරන බව පැවසූ විපක්ෂ නායකතුමා එයින් නොනැවතී රන්ජන් රාමනායක මහතාගේ පූර්ණ නිදහස වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන බවද කීය.

මේ මොහොතේ ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවකට කතා කළත් සැබැවින්ම සිදුවන්නේ එකට එක්වී රට කෑම උදෙසා සර්ව සර්වභක්ෂක ආණ්ඩුවක් නිර්මාණය කිරීම බවද ඒ මහතා පැවසීය.

මේ වන විටත් රට ඉදිරියේ ණය මර උගුල් තුනක් ඇති බවත් රට ගොඩනැඟීමට නම් ඒ මර උගුල් තුන විසඳාගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ඊට අදාළ කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් රටට ඉදිරිපත් කර නැතැයිද පැවසීය.

 

Post Views: 6
Previous Post

පාසල් දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට ඇමරිකාවෙන් ප්‍රදානයක්

Next Post

මාතලේ කලාප ක්‍රිඩාවලින් ජය ලැබු බෞද්ධ විද්‍යෘලයේ දරුවන් ඇගයිමට

editor

editor

Next Post

මාතලේ කලාප ක්‍රිඩාවලින් ජය ලැබු බෞද්ධ විද්‍යෘලයේ දරුවන් ඇගයිමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved