• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල්ගේ චරිතය චීන බසින්

18 January 2019
in දේශීය

චීන බසින් පළ කෙරුණු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ චරිතාපදානය වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (18) අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණි.  සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලදුව මහාචාර්ය වං යූ මහත්මිය හා මහාචාර්ය යින් ජින්ශන් විසින් චීන බසට පරිවර්තනය කෙරුණු වික්‍රමසිංහ චරිතාපදානය ප්‍රකාශයට පත් කරන ලද්දේ චීනයේ පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය, බෙයිජිං හි යැන්ශි මුද්‍රණාලය හා ශ්‍රී ලංකාවේ සරසවි ප්‍රකාශකයන් විසිනි.

ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයෙකු පිළිබඳව සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන මුල් ම අවස්ථාව ද මෙය ය.

චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය විසින් චීනය පුරා සිය පොත් අළෙවිහල් හා පුස්තකාල මගින් මෙම කෘතිය ජනතාව අතරට යොමු කෙරෙන බව එම ආයතනයේ නියෝජ්‍ය සභාපතිනි ෂ අයිවෙයි මහත්මිය පැවසුවාය.

චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය හා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය එක්ව ශ්‍රී ලංකා – චීන විශ්ව කෝෂයක් සැකසීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ වන විටත් චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය ඉන්දියාව සමග එක්වී ඉන්දු – චීන විශ්වකෝෂය සකස් කර ඇත.

ශ්‍රී ලංකා – චීන විශ්ව කෝෂය පිළිබඳ ශ්‍රී ලංකා සහ චීන විද්වතුන් හා වෘත්තිකයන් අතර සාකච්ඡා හෙට සහ අනිද්දා සංවිධානය කර ඇති බව සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේය.

ආචාර්ය චෙන් යිං, මහාචාර්ය ටොං ජියාමෙන්, මහාචාර්ය ගොං ලි, මහාචාර්ය ෂුයෙ කෙජියාඕ, මහාචාර්ය ලියු ජියැන්, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශක සංගමයෙ සභාපති විජිත යාපා, සරසවි ප්‍රකාශන අධිපති එච් ඩී ප්‍රේමසිරි, සම්පත් බණ්ඩාර, සරසවි ප්‍රකාශන කළමනාකාර ශ්‍රීපාලි පෙරේරා සහ පොත් ප්‍රකාශන සංගමයේ දිනේශ් කුලතුංග සහ අග්‍රමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 11
Previous Post

අනුරාධපුර ඉපලෝගමදී ප්‍රථම දිසිදි පොල් කර්මාන්ත ශාලාව විවෘත කෙරේ

Next Post

යුක්තියට මැරබලයට යට නොවන STF පොලිසියට ආභරණයක් – කථානායක කියයි 

editor

editor

Next Post

යුක්තියට මැරබලයට යට නොවන STF පොලිසියට ආභරණයක් - කථානායක කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved