• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජපක්ෂලා මාධ්‍යයට අත තිබ්බේ නෑ .. මාධ්‍යවේදීන් උස්සන් ගියා – ඇමැතිනි තලතා

13 May 2019
in දේශීය

මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධාන හැදුවෙ කව්ද, මේව පැටව් ගැහුවෙ කොහොමද, මේවට මුදල් දුන්නෙ කව්ද, මේවා ඔක්කොම හරි වෙලාවට එලි කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ඇය කියා සිටියේ රන් මාවත් සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට නියමිත රත්නපුර දිස්ත්‍රික්කයේ ගබ්බෙල සිට කලල්ඇල්ල අම්බලන්වත්ත මාර්ගය රුපියල් මිලියන 500 ක වියදමින් කාපට් අතුරා නිම කිරීමට යෝජිත ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට ඊයේ දිනයේ එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය “අමතක කරන්න එපා භාරගත්තේ මිලියන දහ දාහකට වැඩි ණයක් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතුරු කරලා ගිය වෙලාවක. ආරක්ෂක ලේකම්ලා හිටියා තමයි ඒ අය ගැන අපි ඉදිරියට කියනවා මොකද ඒ අය එනකං තමයි අපිත් එන්නේ තරඟ කරන්න. තරඟ කරන වෙලාවට අපි ඒ අයගෙ විස්තර කියන්නම්. මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධාන හැදුවෙ කව්ද, මේව පැටව් ගැහුවෙ කොහොමද, මේවට මුදල් දුන්නෙ කව්ද, මේවා ඔක්කොම හරි වෙලාවට එලි කරන්නම්. ඊයෙ පත්තරේ මම දැක්කා පෙරේදා පාර්ලිමේන්තුවේදි මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා, අපේ කාලෙ යුද්ධෙ උච්චතම අවස්ථාවෙවත් මාධ්‍යට අත තිබ්බෙ නෑ, මාධ්‍යට අත තිබ්බෙ නෑ මාධ්‍යවේදීන් උත්සන් ගියා. එතකොට මාධ්‍යට අත තියන්න දෙයක් නෑනෙ‍. ඕව ගැන ලසන්ත වික්‍රමතුංග මහත්තයා මගෙ බොහොම ලඟම යාළුවෙක්, ප්‍රගීත් එක්නැලිගොඩ මහත්තයාල, මේ රට මාධ්‍ය වේදීන් කීදෙනෙක් අත්හැරල ගිහිල්ලද, කීත් නොයාර්ලා, ඒගොල්ලන් ඒ වෙලාවට දැන්නම් සිල් ගත්ත වගේ කතා කරනවා. ඒ මහත්තයටත් අපි මතක් කරල දෙන්න සූදානම් හැබැයි එකක් හොඳට මතක තියාගන්න ඕනි, අපි ශිෂ්ඨ සම්පන්න රටක් හදන්න, යහපාලනය තුලින් පක්ෂ භේදයක් නැතුව වෙනත් කිසිම භේදයක් නැතුව හැම කෙනෙකුටම හොඳින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරලා තියෙනවා.” අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

2019 IPL ශුරතාව මුම්බායි ඉන්දියන්ස් පිළට

Next Post

ISIS සංවිධානයට රටේ එදිනෙදා කටයුතු කඩාකප්පල් කරන්න දෙන්නේ නෑ – අගමැති

editor

editor

Next Post

ISIS සංවිධානයට රටේ එදිනෙදා කටයුතු කඩාකප්පල් කරන්න දෙන්නේ නෑ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved