27 April 2024
#ක්‍රීඩා

2019 IPL ශුරතාව මුම්බායි ඉන්දියන්ස් පිළට

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2019 වසරේ ශූරතාව හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය. ඊයේ (12) හයිද්‍රාබාද්හී පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත්කරමින්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි.පි.එල්. කිරුළ හිමිකර ගත්තේ සිවුවැනි අවස්ථාවට වන අතර, එය කණ්ඩායමක් අයි.පී.එල්. කිරුළ වැඩිම අවස්ථාවක් ජයග්‍රහණය කළ අවස්ථාව ද වේ.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ලකුණු 149/8ක් රැස්කර ගත් අතර, එයට පිළිතුරු ලෙස චෙන්නායි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 148/7ක් පමණි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අවසන් පන්දුවාරය යොමු කිරීමට ඔවුන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ගත් අතර ඔහුගේ පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ලකුණු 9ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණ.

කෙසේ වෙතත් අවසන් පන්දුවට මුහුණ දුන් ඨාකූර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට මාලිංග සමත්විය. මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙවර ද කටයුතු කළේ, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *