• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය වීම අනුමත කරන්නේ නෑ – ජනපති

7 June 2019
in දේශීය

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මේ වන තෙක් තේරීම් කාරක සභාවට කැඳවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරින් බවත්, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර, එම සියලුදෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ය.

අප්‍රේල් 21 වන දා සිදුවීමට අදාළ නඩු 05ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර, එවන් අවස්ථාවක තේරිම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, ජනාධිපතිවරයා ලෙස තමා එය කථානායකවරයාට ඉදිරිපත් කර තිබෙන අතර, ජනාධිපතිවරයා විසින් යොමු කරන එවන් ලිපි ලේඛන පාර්ලිමේන්තුව ආරම්භයේ දී සාම්ප්‍රදායානුකූළව කතානායකවරයා විසින් ඉදිරිපත් කළ යුතුව ඇති නමුත්, කථානායකවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳ තමා කනගාටුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

පොලිස් දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිකිරීම වෙනුවෙන් ජාවත්ත ප්‍රදේශයේ පිහිටි සළුසල ප්‍රධාන කාර්යාලයට අයත් ඉඩම පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර, රජයට බරක් ව පවතින සහ නිසි අයුරින් ක්‍රියාත්මක නොවන සළුසල අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ද උපදෙස් දුන්නේ ය.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ උසස්වීම්වලට අදාල ව සකස් කර තිබෙන වැඩපිළිවෙළ පිලිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, එම උසස්වීම්වලට අදාළව යොමු කළ යෝජනාවලිය පොලිස් කොමිසම විසින් අනුමත කිරීමෙන් අනතුරව මේ වන විට වැටුප් කොමිසම වෙත යොමු කර තිබෙන අතර, ඔවුන්ගේ ද අනුමැතිය යටතේ හැකි ඉක්මණින් කාණ්ඩ 03ක් යටතේ එම උසස්වීම ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කෙරිණි.

විශේෂ කාර්ය බලකායට නව භටයන් බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය සහ අවි ආයුධ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා වූ අතර, විෂ මත්ද්‍රව්‍ය මැඩැලීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය ද සමාලෝචනය කෙරිණි.

21 වනදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මෙහෙයුම්වල දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 25 බැගින් මුදල් ප්‍රදානයන් ලබාදීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

එමෙන් ම සයින්දමරුදු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් රැදී සිටි ස්ථානය පිළිබඳ දැනුම් දුන් මුස්ලිම් ජාතිකයන් තිදෙනා වෙත ද ලක්ෂ 10 බැගින් මුදල් පරිත්‍යාග සිදු කෙරිණි.

 

Post Views: 4
Previous Post

නවීන සන්නිවේදන උපකරණ සමඟ චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

Next Post

වැස්ස නිසා ශ්‍රී ලංකාව සහ පාකිස්ථානයට සම ලකුණු (Update)

editor

editor

Next Post

වැස්ස නිසා ශ්‍රී ලංකාව සහ පාකිස්ථානයට සම ලකුණු (Update)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved