• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ලොකු සද්ද නෑ වැඩ ඉවරයි – ඇමැති පාඨලි

5 March 2019
in සංවර්ධන
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

2020 වන විට නිවාස 20,000ක වැඩ අවසන් කරන බවත් ඒ වගේම 2024 වන විට ලෑලි පෙට්ටිවලින් හදපු කිසිම පැල්පතක් නැති ශක්තිමත් නිවාසයක හිමිකාරයෙකු බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මැද කොළඹ සංවර්ධනය ගැන විද්වතුන්, මාධ්‍යවේදීන්, වෙළෙඳ ප‍්‍රජාව දැනුවත් කෙරෙන විශේෂ කතිකාවතට සහභාගී වෙමිනි.

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ “ මම බොහෝම පැහැදිලිව කියනවා මැද කොළඹ ඊලග අවුරුදු තුනේදී මෙම අඩු පහසුකම් ජනතාව වෙනුවෙන් නිවාස 10,000කට වැඩි ප‍්‍රමාණයක් සූදානම් කරනවා කියන එක. ඒ වගේම ඒ නිවාසත් එක්ක අපි අලූත් ජීවිතයක් ආරම්භ කරන්න ඕනෙ. අපිට හැමදාම මත්ද්‍රව්‍ය එක්ක, ඒ වගේම මේ පාතාල ලෝකය එක්ක, දුරාචාරය එක්ක ජීවත්වෙන්න බෑ. අපේ දරුවන්ටත් හොඳ අනාගතයක් හොඳ පුරවැසිභාවයක් ශක්තිමත්ව මේ සමාජයේ හිස කෙලින් තියාගෙන ඉන්න පුලූවන් තත්ත්වයක් උදාකර ගන්න ඕනෙ. අන්න ඒ සඳහා ”නිවසක් සමග ජීවිතයක්” වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. අපි ආඩම්බරයෙන් කියනවා අද වෛද්‍ය පීඨයට පළවෙනි වතාවට අපේ දරුවෙක් ගියා. කළමනාකරණ පීඨයට පළවෙනි වතාවට අපේ දරුවෙක් ගියා. බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී විශ්වවිද්‍යාලවලට සිය දහස් ගණනින් අපේ දරුවෝ ඇතුල්වෙයි කියලා. ඒ වගේම මේ උතුරු කොළඹ, මැද කොළඹ තියෙනවා ලොකු අඩුපාඩුවක්, භාෂා තුනෙන්ම ක‍්‍රියාත්මක වෙන හොඳ පාසල් පද්ධතියක් නොමැති වීම. ඉදිරි කාලයේදී අග‍්‍රාමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ ඒ පාසල් පද්ධතියක් ඇති කිරීමට අපි කටයුතු-කරන බවත් ඔබ සැමට මතක් කරන්න කැමතියි. මේ රජය බලයට පත්වෙන කොට 1958 ඉඳන් විවිධ ආණ්ඩු මේ රටේ අඩු පහසුකම් ජනතාව වෙනුවෙන් ගොඩනගා තිබුණේ නිවාස දස දහසකට ආසන්න ප‍්‍රමාණයක්. අපි ඒ ගැන බණ්ඩාරණායක ආණ්ඩුවට, අපි ඒ ගැන ජයවර්ධන ආණ්ඩුවට, ඒ වගේම රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාට විශාල විප්ලවයක් මේ කලාපයේ සිදුකළා. චන්‍ද්‍රිකා කුමාරතුංග මැතිනියට, මහින්ද රාජපක්ෂ මහත්තයාට ස්තූතිය පිරිනමන්න ඕනෙ. නිවාස 10,000ක් ඇතිකරලා කරපු ඒ ක‍්‍රියාදාමයට. නමුත් මේ රජය ලොකු සද්දයකින් තොරව කොළඹ නගරය ඇතුලත මේ වන කොටත් නිවාස 15,000ක වැඩ අවසන් කර ඇති බව කියන්න ඕනෙ. ඒ වගේම 2020 වන විට නිවාස 20,000ක වැඩ අවසන් කරනවා. ඒ වගේම අපේ බලාපොරොත්තුව 2024 වන විට ලෑලි පෙට්ටිවලින් හදපු කිසිම පැල්පතක් නැති ශක්තිමත් නිවාසයක හිමිකාරයෙක් බවට කොළඹ නගරවාසී ඔබව පත්කරන්න කියන එක අපේ අධිෂ්ඨානය බව ප‍්‍රකාශ කරනවා. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 9
Previous Post

මෙය මැතිවරණ අයවැයක් නෙමෙයි – මුදල් ඇමැති කියයි

Next Post

උතුරු නැගෙනහිර සංවර්ධනයට මෙවර අයවැයේදී අවධානය යොමු වීම ගැන සතුටුයි

editor

editor

Next Post

උතුරු නැගෙනහිර සංවර්ධනයට මෙවර අයවැයේදී අවධානය යොමු වීම ගැන සතුටුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර් බස් ගනුදෙනුවේ සුළමුල සෙවූ  අල්ලස් කොමිසම හමුවේ  හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය දේශපාලන කරළිය උණුසුම් කළ ඒ පැය දෙකක රහස මෙන්න

එයාර් බස් ගනුදෙනුවේ සුළමුල සෙවූ අල්ලස් කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය දේශපාලන කරළිය උණුසුම් කළ ඒ පැය දෙකක රහස මෙන්න

13 May 2026
බෙම්මුල්ලේදී  අසල්වැසියෙකුගේ ප්‍රහාරයකින්  තරුණයෙකු ජීවිතක්ෂයට

බෙම්මුල්ලේදී අසල්වැසියෙකුගේ ප්‍රහාරයකින් තරුණයෙකු ජීවිතක්ෂයට

13 May 2026
ශ්‍රී ලංකාවේ ගොවි පරපුර  බලාපොරොත්තු වූ ඒ දැවැන්ත වෙනස ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ගොවි පරපුර බලාපොරොත්තු වූ ඒ දැවැන්ත වෙනස ඇරඹෙයි

13 May 2026
බ්‍රසීලයේ ව්‍යාපාරිකයා තම සේවිකාවන් තිදෙනා  කාර්යාලයට කැඳවා කළ  ඒ සිතාගත නොහැකි ප්‍රකාශය  මුළු ලොවම සංවේදී කළ අපූරු කතාව මෙන්න

බ්‍රසීලයේ ව්‍යාපාරිකයා තම සේවිකාවන් තිදෙනා කාර්යාලයට කැඳවා කළ ඒ සිතාගත නොහැකි ප්‍රකාශය මුළු ලොවම සංවේදී කළ අපූරු කතාව මෙන්න

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැල්ලවාය අලිකොටආර ජලාශයේ  වාන් දොරටු විවෘත කිරීමත් සමඟ  ප්‍රධාන මාර්ගයක ගමනාගමනය අඩාල වෙයි  ආපදා තත්ත්වය හමුවේ මගී ජනතාවට දැඩි බලපෑමක්

වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ප්‍රධාන මාර්ගයක ගමනාගමනය අඩාල වෙයි ආපදා තත්ත්වය හමුවේ මගී ජනතාවට දැඩි බලපෑමක්

13 May 2026
දිවයිනේ නීතිමය සංස්කෘතිය  උඩුයටිකුරු කරන ජනාධිපතිවරයාගේ තීරණාත්මක ප්‍රකාශය  රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන සම්බන්ධයෙන්  නිලධාරීන්ට පැවරුණු නව වගකීම

දිවයිනේ නීතිමය සංස්කෘතිය උඩුයටිකුරු කරන ජනාධිපතිවරයාගේ තීරණාත්මක ප්‍රකාශය රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන සම්බන්ධයෙන් නිලධාරීන්ට පැවරුණු නව වගකීම

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved