• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වතු ශ්‍රමිකයින්ගේ වැටුප් ගැටළුවට ජනපතිගෙන් කමිටුවක්

14 February 2019
in දේශීය

තේ කර්මාන්තයේ නියුතු ව සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලූව ඇතුථ තේ කර්මාන්තය ආශ්‍රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලූ පිළිබද අධ්‍යයනයක් සිදුකොට ලබාදිය හැකි විසදුම් ඉදිරිපත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ කමිටුවක් පත්කරයි.

තේ කර්මාන්තයේ නියැලී සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලූව පිළිබද ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරන ලදී.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ආර්. රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, තේ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.එල්.පී. විෙජ්වර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ජේ. විමලවීර යන මහත්වරුන් සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙන් ම ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ තැරුව්කරුවන්ගේ සංගමය, තේ අපනයනකරුවන්ගේ සංගමය නියෝජනය කරන නියෝජිතයෙකු බැගින් මෙම කමිටුවට ඇතුළත් ය.

තේ කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූවලට විසදුම් ලබාදෙමින් එහි උන්නතිය උදෙසා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගවලට එළැඹීම සහ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම මෙම කමිටුව පත් කිරීමේ අරමුණයි. මසක් ඇතුළත අදාළ කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.

තේ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට මතුව ඇති බාධා සහ තේ අපනයනයේ දී මතුව ඇති ගැටලූ පිළිබ`දව ද මෙම හමුවේ දී පුළුල් ලෙස සාකච්ඡාවට බදුන් විය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලදාරින් ද ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ද තේ කර්මාන්තය ආශ්‍රිත සංගම්වල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

සීමාසහිත ලංකා පොහොර සමාගමට හා මිල්කෝ සමාගමට සභාපතිවරු පත් කරයි

Next Post

20%ක වත් මගී ප‍්‍රතිශතයක් ගෙන යන දුම්රිය සේවයක් …-  ඇමති පාඨලි

editor

editor

Next Post

20%ක වත් මගී ප‍්‍රතිශතයක් ගෙන යන දුම්රිය සේවයක් ...-  ඇමති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved