• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වසංගතය අස්සේ ආණ්ඩුව වටිනා දේපොළ කුණුකොල්ලයට විකුණන්න හදන බව ජවිපේ කියයි

30 May 2021
in දේශීය

පෝට් සිටිය පාර්ලිමේන්තුවේ සම්මත වෙනකොටම ඊට සමාන්තරව කොළඹ ඉඩම් ටික විකුණන්න කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගැනීම තුළ රටේ දුප්පත් ජනතාවට බරපතල අපාරධයක් සිදු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

අද (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ රටේ සම්පත් රැක ගැනීම වෙනුවන් අවදි වෙන්න, නැගිටින්න කියලා ඉතා ඕනෑකමින් ජනතාවට කියා සිටින ලෙසයි.

එහිදී විජිත හේරත් මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කලේය “රටේ ජනතාවට සංචරණ සීමා පනවලා තියෙද්දී වරාය නගර කොමිෂන් සභා පනත පුදුම හදිසියකින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. ඒ හදිසිය කොරෝනා එන්නත ගන්න තිබුණා නම් අපේ රට මේ ව්‍යසනයට පත්වෙන්නේ නැහැ. මේ සියල්ල සිද්ධ වෙන අතරෙ මැයි මාසේ 05වැනිදා කැබිනට් මණ්ඩලයට සුපුරුදු පරිදි රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණන කැබිනට් පත්‍රිකාවක් දැම්මා. සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයෝජන සහ ක්‍රමෝපාය සංවර්ධන කියන කැබිනට් පත්‍රිකාව දැම්මා. මේකේ හරය තියෙන්නේ සෙලෙන්දිවා කියන ආයතනය මහ භාණ්ඩාගාර 100%ක් කොටස් අයිතිය සතුව හදන බව. ඊට පස්සේ සෙලෙන්දිවා සමාගමට අනුබද්ධ තවත් සමාගමක් හදනවා. ස්පෙෂල් පර්පස් වෙහිකල් කියලා අලුතින් හදන සමාගමේ කොටස් 49%ක් සෙලෙන්දිවා සමාගමේ අයිතියට පත් කරනවා. මේ කොම්පැණිය හරහා රටේ සම්පත් විකිණිල්ල සම්පූර්ණයෙන් සිදුකරනවා. කැබිනට් පත්‍රිකාවේ 2.4 වගන්තියේ ඒ ගැන සම්පූර්ණයෙන් සඳහන් වෙනවා. “එකී පරිපාලන සමාගමේ වත්කමක කොටස්වලින් 49%ක් දක්වා මූලිකව නිදහස් කරනු ඇති අතර එහිදී පාලනය සහ පාලන බලය රඳවා ගනු පිණිස නිදහස් කළ වත්කමේ රන්මුවා කොටස් ප්‍රමාණයක් සෙලෙන්දිවා ආයතනය විසින් දරනු ලැබේ.” ඒවගේම 6 වැනි වගන්තියේ “දිගු කාලීන බදු අයිතිය හෝ කළමනාකරණ අයිතිය පමණක් පෞද්ගලික ආයෝජකයෙකු වෙත පැවරීමේ විකල්ප ක්‍රමය අනුගමනය කිරීමටද සෙලෙන්දිවා ආයතනය බලාපොරොත්තු වේ” ඒ වගේම 7 වැනි වගන්තියේ “වඩාත් සුදුසු ප්‍රාග්ධන ව්‍යූහය සාක්‍ෂාත් කිරගැනීම සඳහා ණය හෝ ව්‍යාපාරික වස්තු පොදුවේ අලෙවි කිරීම යන දෙක අතුරින් සුදුසු අංගය අනුගමනය කර අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට නියමිතය.”

ඒ වගේම “නව අනුබද්ධ සමාගමේ කොටස් නිකුත් කිරීම හෝ මුලින් ගෙවීම් කිරීමට සෙලෙන්දිවා ආයතනය විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමග අන්‍යොන්‍ය වශයෙන් එකඟත්වයකට පත්විය හැකිය.” කියනවා. අපේ රටේ වානිජ වශයෙන් ඉතාම වටිනා ඉඩම් අක්කර 1.7ක භූමි ප්‍රමාණයක් තියෙන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, අක්කර 0.75ක භූමි ප්‍රමාණයක් පිහිටි ගපූර් ගොඩනැගිල්ල, අක්කර 1.5ක පිහිටි විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, අක්කර 0.18ක පිහිටි මහ තැපැල් කාර්යාලය, අක්කර 1.37 පිහිටි සීනෝර් රෙස්ටුරටන් දේපළ, අක්කර 05ක වෝටස් ඒජ් මිශ්‍ර සංවර්ධනය කියන අක්කර 11 විකුණන්න සූදානම් වෙනවා. ඒ වගේම කංකසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන භූමිය විකුණන්න දාලා තියෙන්නේ. එස්.පී.වී. කියන සමාගම හදන්නේ මේ විකිණීමේ ක්‍රියාවලියට. උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ සියලු බදු සහන ලබාදෙන බව සඳහන් වෙනවා. හම්බන්තොට වරාය චීනයට දුන්නේ එහෙම. ඒ හා සමානම තත්වයක් මේකෙන් එනවා. වැලිකඩ බන්ධනාගාරය සම්බන්ධයෙන් වෙනම කැබිනට් පත්‍රිකාවක් තියෙනවා. ඒත් මැයි 05වනිදා කොරෝනා අස්සේම ගෙනා තවත් පත්‍රිකාවක්. මිනිස්සු මාරාන්තික බියකින් ජීවත් වෙන අතරේ ඉඩම් ටික විකුණන්න කැබිනට් පත්‍රිකා දානවා. වැලිකඩ බන්ධනාගාරයේ අක්කර 42ක භූමි ප්‍රමාණයක් විකුණලා හම්බ වෙන සල්ලිවලින් කළුතර බන්ධනාගාරයක් හදන්න යනවා. බිලියන 30.6ක මුදලක් ගන්න බලාපොරොත්තු වෙන බව පැහැදිලිව සඳහන් වෙනවා. අවුරුදු 99, අවුරුදු 198ක්, වගේ කාලවලට කොළඹ නගරයේ වටිනා ඉඩම් පුද්ගලික කොම්පැණිකාරයන්ට දෙනවා. ආණ්ඩුව බලයට එන්න කලින් කීවේ එක්සත් ජාතික පක්‍ෂයෙන් විකුණන ඒවත් ආපහු ගන්නවා කියලා. හැබැයි ආපු ගමන් ෂැංග්‍රිලා හෝටලයේ පිටුපස්සේ ඉඩම සිංගප්පූරු සමාගමකට වික්කා.

පෝට් සිටිය පාර්ලිමේන්තුවේ සම්මත වෙනකොටම ඊට සමාන්තරව කොළඹ ඉඩම් ටික විකුණන්න කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත්තා. මේ පාර කපන්නේ මේ රටේ දුප්පත් ජනතාවටද? මේ බරපතල අපාරධයක්.

හේන රකින්න තමයි පඹයා හැදුවේ කියලා ටයි කෝට් අන්දලා පෙන්වනවා. කොළඹ වානිජ නගරයේ ඉඩම් රකින්න සෙරෙන්දිවා සමාගම් හදන බව පෙන්වලා ජනතාව රවටනවා. එක පැත්තකින් කොරොනාවලින් බැටකන ජනතාවට උත්තර නැහැ. ඒ අස්සේ ඉඩම් ටික විකුණනවා. අනික් පැත්තෙන් අහක යන නැව් ගෙන්වාගෙන පරිසරය විනාශ කරනවා. පොහොර ගෙන්වන එක නවත්වලා ගොවි ජනතාව විපතට හෙළා කාබනික පොහොර ගෙන්වන්න වෙනම මාෆියාවක් හදන්න යනවා. මුලු රටේම ජනතාව විපතෙන් විපතට පත්වෙලා. ඒ නිසා මේ ආණ්ඩුවේ ඔළමොට්ටල සහ චෞරයන් රකින වැරදි ප්‍රතිපත්තියට එරෙහිව අවධානය යොමු කරන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රටේ සම්පත් රැක ගැනීම වෙනුවන් අවදි වෙන්න, නැගිටින්න කියලා ඉතා ඕනෑකමින් ජනතාවට කියා සිටිනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….

පෝට් සිටි පනත සම්මත කර ගැනීමත් එක්කම කොළඹ නගරයේ ඉඩම් විකුණන්න කැබිනට් පත්‍රිකා ගේනවා. මේ දෙක අතර අන්තර් සම්බන්ධයක් තිබෙන බව හරි පැහැදිලියි. හදිසියේම මහජන බැංකු මූලස්ථානය පිහිටි තැන වෙනස් වෙන්නේ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් හෝටලය, බේරේ වැව ආශ්‍රිත ඉඩම්, විජේවර්ධන මාවතේ ඉඩම්, වරාය නගරයට ඈඳලා චීන සමාගමේ ඕනෑ එපාකම්වලට මේවත් හිලව් කරන්න තමයි ලැහැස්ති වෙන්නේ. කැබිනට් පත්‍රිකාව අනුමත වෙන්නේ මැයි 17වැනිදා. පෝට් සිටි පනත පාර්ලිමේන්තුවට එන්නේ මැයි 18වැනිදා. 20 වැනිදා සම්මත කර ගන්නවා. වරාය නගර පනත සම්මත වෙනවාත් එක්කම ඒ ආශ්‍රිත ඉඩම් කොම්පැණිවලට ලබාදෙන්නත් කැබිනට් මණ්ඩලය සම්මත කරනවා.

ඩොලර් එන්න තිබුණු ප්‍රධාන එක අපේ තේ අපනයනය. ඒ වගේම අනෙකුත් කෘෂි අපනයනයන්. පොහොර නැතිව ඒ පැත්ත වැටිලා තියෙන්නේ. අපේ කෘෂි නිෂ්පාදනවලින් විදේශ විනිමය උපයන්න තිබුණු මාර්ග වට්ටගෙන තියෙන්නේ. විදේශ රැකියාවලින් ලැබුණු ආදායමත් වට්ටනෙ තියෙන්නේ. ජාතික සම්පත් විකුණන්නේ නැතිව සාධාරණව ඩොලර් හොයන්න පුළුවන්කම තියෙද්දී ගිණි ගත්ත නැව්වලින් ඩොලර් ගන්න තැනට ආණ්ඩුව බංකොළොත් වෙලා තියෙන්නෙ. එහෙම ඩොලර් රටට වැඩක් නැහැ. අපේ නිෂ්පාදනවලින් ඩොලර් ගන්න මාර්ග තියෙද්දී අපේ නිෂ්පාදනයත් විනාශ කරගෙන පරිසරයත් විනාශ කරගෙන ලබාගන්න ඩොලර්වලින් ජනතාවට ඇති වැඩක් නැහැ.

Post Views: 13
Previous Post

රටේ සියළුම දෙනාට ඉදිරි මාස තුනදී වැක්සින් එක ලබා දෙනවා – ඇමැති කෙහෙලිය

Next Post

හානියට පත් වෙරළ තීරය පිරිසිදු කිරීමට කොළඹ වරාය නගරයෙන් රු. ලක්ෂ විස්සකට අධික පරිත්‍යාගයක්

editor

editor

Next Post

හානියට පත් වෙරළ තීරය පිරිසිදු කිරීමට කොළඹ වරාය නගරයෙන් රු. ලක්ෂ විස්සකට අධික පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved