• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැට උඩ ඉන්න රිෂාඩ් හා හකීම්

6 November 2018
in දේශීය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගියදා පත් කල නව අගමැති මහින්ද රාජපක්ෂට සහාය පල කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කරමින් සිටින අතර ඇතැමුන් ඊට එරෙහිව සිටිගෙන ඇත.

මේ අතර මෛත්‍රි පාර්ශවයට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන් සහ හකීම් යන දෙදෙනාගෙද සහය අවශ්‍ය වී ඇති බව වාර්තා වේ. මේ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ දිනවල දිගින් දිගටම සාකච්ඡා පැවැති බව ජනාධිපතිගේ සමීපතමයා අප වෙත කියා සිටියේය. එමෙන්ම රිෂාඩ් සහ හකීම් සම්බන්ධයෙන් සිංහල ප්‍රජාව තුළ කෙසේ නමුත් නැගෙනහිර පළාතේ ජනතා ඡන්ද ලබා ගැනීමටනම් ඔවුන් දෙදෙනාගේ සහාය අවශ්‍ය බව මෛත්‍රි පාර්ශවයේ අදහස වී ඇත. දකුණේ ඡන්ද මෙන්ම ඇතැම් අවස්ථාවලදී උතුරු මෙන්ම නැගෙනහිර සුළු ජනතාවගේ ඡන්ද වලින් මැතිවරණ වල ප්‍රතිඵල වෙනස් වීම දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පවසා ඇත්තේ රිෂාඩ් සහ හකීම් ලං කර ගැනීම මේ මොහොතේ සිදු කළ යුතු ප්‍රමුඛ කාර්යයක් බවයි.

නමුත් රිෂාඩ් පාර්ශවයෙන් අප කළ විමසීමකදී කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයාට තම සහාය ලබා දීමට තීරණය කර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේද ශ්‍රී ලංකා මුස්ලිම් ‌‌කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිජ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය එක්සත් ජතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බවයි. එමෙන්ම පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැඳවන ලෙසට ඔවුන්ගේ ස්ථාවරයේ වෙනසක් නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එය එසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර තොරුතුරු වාර්තා අප වෙත කියා සිටියේ ලබන බ්‍රහස්පතින්දා වන විට රිෂාඩ් සහ හකීම් දෙදෙනාම ජනාධිපති මෛත්‍රිට සහාය දක්වන බවයි.

Post Views: 9
Previous Post

උතුරේ සිරකරුවන්ගේ ගැටළුව විසදනවා – ජනපති TNA මන්ත්‍රීවරුන්ට කියයි 

Next Post

ලොකුගේට ලොකු පුටුවක්.. විමල් එපා කියයි … !

editor

editor

Next Post

ලොකුගේට ලොකු පුටුවක්.. විමල් එපා කියයි ... !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved