• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විපක්ෂයේ ගැලරිය පිනවීමට කියන කතා විධිමත් සාකච්ඡා මේසයකට ගැලපෙන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

12 March 2024
in දේශීය, පුවත්
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

ආර්ථික ආර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කර ඇති වැඩසටහන පිළිබඳ විධිමත් සාකච්ඡාවක් පැවැත්වීමට තිබූ ස්වර්ණමය අවස්ථාව විපක්ෂය මග හැරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගැලරියේ ජනතාව පිනවීමට ඉදිරිපත් කරන වැඩපිළිවෙළක් නොමැති යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන විධිමත් සාකච්ඡා මේසයට වලංගු නොවන බව විපක්ෂය දන්නා බවයි.

එබැවින් මෙම ස්වර්ණමය අවස්ථාව ඔවුන්ට මග හරින්නට සිදු වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි. කෙසේ වෙතත් විපක්ෂයට අවශ්‍ය නම් තවත් සාකච්ඡාවක් ලබා දීම සඳහා රජය සූදානම් බව සේමසිංහ මහතා අවධාරණය කරයි.

කෙසේ වෙතත් විපක්ෂය සාකච්ඡා මේසයට පැමිණීම සඳහා ඉල්ලා සිටින වෙළෙඳපොළ සංවේදී නොවන තොරතුරු ලබා දීමට රජය සූදානම් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ සංවේදී තොරතුරු ලබා දීම මගින් එක් පාර්ශ්වයකට වාසියක් සේම තවත් පාර්ශ්වයක් අගතියට පත් වීමට සේම වෙළෙඳපොල කෘතිමව පාලනය වීමට හේතු විය හැකි බවයි.

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡා මේසයට සහභාගී වීම සඳහා කැමැත්තෙන් සිටිය ද අදාළ පක්ෂවල පොදු තීරණවලට අනුව සහභාගී වීමට නොහැකි වූ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

සේමසිංහ මහතා අවධාරණය කළේ ආර්ථිකමය වශයෙන් දැඩි අර්බුදයට පත් වූ අවස්ථාවේ දී සහය දීමට ඉදිරිපත් නොවූ විපක්ෂයට මේ මොහොතේ හෝ ඊට සිය විකල්ප ඉදිරිපත් කරමින් හෝ සහභාගී වීමට තවදුරටත් අවස්ථාව ඇති බවයි.

Post Views: 14,580
Previous Post

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමට ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේත්

Next Post

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණ අමාත්‍ය මණ්ඩල කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණ අමාත්‍ය මණ්ඩල කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණ අමාත්‍ය මණ්ඩල කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved