• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විපක්ෂයේ චෝදනා පුස්සක් … ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකයි – රාජ්‍ය අමාත්‍ය ශාන්ත

5 July 2023
in දේශීය

විපක්ෂයේ චෝදනා පුස්සක් බවට පත්වෙලා තිබෙන බවත් අපි රජයක් හැටියටණය ප්‍රතිව්‍යුහගතකරණ කිරිම් ඒ සියලු කාර්යයන් ඉතා සාර්ථකව කරමින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරලාදෙන්න පුළුවන් වටපිටාව මේ වනකොට නිර්මාණය කරලා තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදිරාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය ” අපි රටක් හැටියට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා. හැබැයි මේ සිදුවීම විවිධ දේශපාලන පක්ෂවලින් පෙන්නුම් කරන්න සූදානම් වෙනවා මේ පොදුජන පෙරමුණේ ආණ්ඩුව නිසා මේ තත්වය ඇති වුණා , නැතිනම් හිටපු ජනාධිපතිතුමා නිසා ඇති වුණා කියලා. ඒ් කාරණයට ලඝු කරලා දේශපාලන වශයෙන් කතා කරනවා. නමුත් අපි බොහෝම පැහැදිලිව දන්නවා 1977 න් පස්සේ බිහිවෙච්ච ආණ්ඩු විශාල වශයෙන් ණය ලබා ගැනීම් සිදු කළා. විශේෂයෙන් අපේ රටේ ආදායම් වියදම් හිඟය , අයවැය පරතරය පියවා ගැනීමට කිසිදු ආකාරයක් නොමැතිකම නිසා හැම ආණ්ඩුවකටම ණය ගන්න සිදු වුණා. ඒ ණය ගැනිමේදී හැම ආණ්ඩුවක් විසින්ම විවිධ ව්‍යාපෘති සඳහා සහ ආදායම්, වියදම් හිඟය පියවා ගැනීම සඳහා ලබාගත්ත ණය හේතුවෙන් අපිට අවසාන වශයෙන් මුහුණ දෙන්න සිදුවුණු කෝවිඩ් වසංගතය එක්ක ඒ පුපුරා යෑම සිදු වුණා. කොවිඩ් වසංගතය නිසා සමහර රටවල්වල ආර්ථික අර්බුදය දැන් තමයි ආරම්භ වෙලා තිබෙන්නේ. එ්වට ශක්තිය තිබෙනවා ඒවා අල්ලගෙන ඉන්න ඔවුන්ට.හැබැයි අපි වගේ පුංචි ආර්ථිකයක් තියෙන රටකට එය අල්ලගෙන ඉන්න බැරි වුණා. මේ වනකොට ආසියාවේ රටවල් 03 ක් බංකොලොත්භාවයට පත් වුණා. 1962 දි බුරුමය, 1968 දි ඉන්දුනිසියාව බංකොලොත්භාවයට පත් වුණා. ඊට පස්සේ තමයි ආසියාවේ රටක් විදිහට ශ්‍රී ලංකාව 2022 ඒ තත්වයට පත් වුණේ. ඉන් පස්සේ මේ රටේ ජනතාවගේ තිබුණු ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමේ වගකීම වෙනුවෙන් දේශපාලන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වෙලා ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට පැමිණි ඒ සියලුදෙනාටත් ඒ වගකීම තිබෙනවා. ඒ වගකීම තමයි අපි මේ සිදු කරමින් සිටින්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී රට ගැන හිතලා, ජනතාවගේ ගැන හිතලා ගන්න බැරි ආමාරු තීන්දු තීරණ අරගෙන මේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් සිටිනවා. මේ රටේ බහුතර ජනතාවගේ අභිිලාශයන් ඉටුකරන කාර්යභාර්යය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන කොට කරමින් ඉන්නවා කියන එක නිහතමානිව කියන්න කැමති. යම් වැරදීමක් වුණානම් ඒ වැරදි නිවැරදි කරගෙන රට දැන් යහපත් දිශාවට හරවන්න කටයුතු කරලා තිබෙවා. ඒ නිසා තමයි ලොකයේ වැටුණු රටවල් නැගිටින්න කාලයක් ගියා නැවත යථාතත්වයට පත් වෙන්න. හැබැයි ශ්‍රී ලංකාව යම් කඩාවැටීමක් වුණා තමයි. නමුත් වේගයෙන්ම නැගිට්ට රට බවට අද පත්වෙලා තිබෙනවා. හැම ක්ෂේත්‍රයකම වර්ධනයක් තිබෙනවා. උද්දමනය විශාල වශයෙන් පහළට ගෙන්න හැකිවෙලා තිබෙනවා. අපි අනෙක් සියලු දර්ශක වලින් ක්‍රමානුකූලව අද ඉදිරියට එමින් පවතිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න තීන්දුව ගත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ ක්‍රියාදාමය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවදුරටත් කාර්යක්ෂම කරලා සියලුදෙනා සමඟ සාකච්ඡා කරමින් ජාත්‍යන්තර සියලු සම්බන්ධතා ගොඩනංවමින් ඉතාම සාර්ථකව අපේ ආණ්ඩුව ඉතා පරිස්සමින් කාර්ය භාර්ය ඉටුකරලා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන එක සාර්ථකව කරගන්න හැකියාව ලැබුණා. ඒ රටවල් වලින් අපිට ශක්තිය ලැබුණා. ඊලඟට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අවශ්‍ය වුණා. ඒ කාර්යභාර්යයේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ බරපතල බිල්ලෙක් මැව්වා මේ තුලින් බැංකු පද්ධතිය කඩා වැටෙනවා කියලා. විශාල වශයෙන් භිතියක් ඇති කරලා බැංකු පද්ධතියට හානියක් වන ආකාරයට ඔවුන් ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. නමුත් බොහෝම පැහැදිලිව කියන්න කැමති ඉතා සාර්ථක විදිහට ඒ දේශීය ණය ප්‍රතිවව්‍යුහගතකරන්න අවශ්‍ය වැඩපිළිවෙළ මහා බැංකුවත් ඒ අදාළ සියලු නිලධාරින් කැපවීමෙන් අද මේ වනකොට යථාර්තයක් බවට පත් කරලා තිබෙනවා. හුගක් දෙනෙක් හිතුවා කොටස් වෙළඳපොලවල් වගේ දේවල් බරපතල විදිහට කඩා වැටෙයි කියලා. නමුත් ඊයේ මේ වර්ෂයේ දි දෙවෙනි වැඩිම කොටස් වෙළඳපොලේ වර්ධනය අපිට දැකගන්න හැකි වුණා. විපක්ෂයේ චෝදනා පුස්සක් බවට පත්වෙලා තිබෙනවා. අපි රජයක් හැටියට මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරිම් ඒ සියලු කාර්යයන් ඉතා සාර්ථකව කරමින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරලාදෙන්න පුළුවන් වටපිටාව මේ වනකොට නිර්මාණය කරලා තිබෙනවා. මේ වන කොට රට තුළ විශාල ආන්දෝලනයක් තිබෙනවා අස්වැසුම සම්බන්ධයෙන්. ඕනම අලුත් දෙයක් ආරම්භ කරන්න ගියාම ඒ ආරම්භයේදී ප්‍රශ්න ගැටලු මතුවෙන එක ස්වභාවිකයි. මේ වෙනුවෙන් හදපු නිති පද්ධතියේ බොරු තොරතුරු ලබා දුන්නොත් ඒ පිරිසට වසර දෙකක කාලයක් සිට ඉදිරියට සිරගත වීම් පවා හිමිවෙන්න පුළුවන් විදිහට නීති රාමුවක් තිබුණා.යම් යම් අඩුපාඩුකම් සිදුවෙලා තිබෙනවා. මේ පිළිබඳව පසුගිය ආණ්ඩු පක්ෂ රැස්වීමේදි ගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගෙත් අවධානය යොමු කළා. මේ පිළිබඳව එතුමන්ලා අධ්‍යනය කරලා තවදුරටත් මෙහි අසාධාරණයක් වෙලා තිබෙනවා නම් පවුලකට ඒ අසාධාරණයට ලක්වෙච්ච පවුලට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන කොට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් කටයුතු කරගෙන යනවා. අපි බොහෝම පැහැදිලිව පෙනි සිටිනවා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරපු දේශපාලන පක්ෂවල සාමාජිකයෝ හැටියට. ඒ නිසා සත්‍ය වශයෙන් අසාධාරණයක් වෙලා තිබෙනවා නම් යම් පවුලකට ඒ පිරිසට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපි මැදිහත්වෙලා කටයුතු කරනවා.”යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කලේය.

Post Views: 9
Previous Post

පළාත් පාලන ආයතනවල සේවකයින් ක්‍රමයෙන් ස්ථිර කරනවා – අගමැති

Next Post

විශිෂ්ඨතම කර්මාන්තකරුවන් තේරීමේ තරඟාවලියට අයදුම්පත් භාර ගැනේ

editor

editor

Next Post

විශිෂ්ඨතම කර්මාන්තකරුවන් තේරීමේ තරඟාවලියට අයදුම්පත් භාර ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved