• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විහාරස්ථානයක ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය තිස්සමහාරාමයේදී

24 October 2018
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ විහාරස්ථාන පරිශ්‍රයක් ආශ්‍රීතව ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය ඔක්තෝබර් මස 29 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අ මරවීර මහතාගේ සංකල්පයක් පරිදි ක්‍රියාත්මක කෙරෙන “අපි වවලයි -අපි කන්නේ” – ජාතික කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ දිවයිනේ පාසල් හා විහාරස්ථාන පරිශ්‍ර ආශ්‍රීතව පලතුරු උද්‍යාන පිහිටුවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ. විහාරස්ථානවලට රැස්වන පිරිස් පලතුරු ගෙවතු වගාවට උනන්දු කරවීම මෙන්ම දහම් පාසල් දරුවන්ට පලතුරු සම්බන්ධයෙන් උනන්දුවක් හා දැනුමක් ලබා දීමත් විරාස්ථානවල වැඩ වසන මහා සංඝරත්නයට අවශ්‍ය පලතුරු ලබා දීමත් මෙහි අරමුණයි.

ඒ අනුව එක් පලතුරු උද්‍යානයක අඩු තරමින් පලතුරු වර්ග 50ක් වගා කීරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මෙම වැඩ පිළිවෙළ යටතේ ඉදි වන පළමු පලතුරු උද්‍යානය ඔක්තෝබර් 29 දින පැවැත්වෙන ජාතික වප් මගුල් උත්සවයට සමගාමීව තිස්සමහාරාම දාගැබ අසලදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් අතින් ආරම්භ කෙරෙන අතර එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මැතිඇමැතිවරුන් ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

දිවයිනේ විහාරස්ථාන ආශ්‍රීතව වගා කළ හැකි සුදුසු පලතුරු වර්ග රැසක් මෙම උද්‍යාන යටතේ වගා කෙරෙන අතර ඒවා පිළිබඳ නිසි පරිදි අවධානය යොමු කරමින් වගාව නඩත්තු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ පුර්ණ අධික්ෂණය ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.

 

Post Views: 21
Previous Post

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස සී.ජේ.පී. සිරිවර්ධන මහතා පත් කෙරේ

Next Post

විග්නේෂ්වරන් අලුත් පක්ෂයක් පිහිටුවයි

editor

editor

Next Post

විග්නේෂ්වරන් අලුත් පක්ෂයක් පිහිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved