• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විහිළු කරන වේලාවක් නෙමෙයි – අසත්‍ය ප්‍රචාර කළ විශ්වවිද්‍යාල සිසුවාට උසාවියෙන් අවවාද

16 May 2019
in දේශීය

පසුගිය 13 වැනිදා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් ගත් ගුවන් යානය අනතුරකට ලක් වී ඇති බවට ව්‍යාජ පුවතක් ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කළ විශ්ව විද්‍යාල සිසුවෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.

එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත්තේ සංඛ ප‍්‍රමෝද් ආරියවංශ නැමැති පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

මෙම විශ්ව විද්‍යාල සිසුවා එකී ප‍්‍රචාරය නිර්මාණය කිරීම නොව අන් කිසිවකු විසින් අන්තර්ජාලයට මුදාහරින ඔහුගේ මුහුණු පොත හරහා හුවමාරු කරගැනීමක් පමණක් බව පෙන්වා දුන් ඔහුගේ නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙය ඉතා සංයමයෙන් කටයුතු කළ යුතු කාලයක් මිස විහිළු තහළු කිරීමට කාලයක් නොවන බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළාය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය මේ වනවිටත් මෙවන් අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් පිළිබදව සොයා බලමින් ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Post Views: 18
Previous Post

ඇමැති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය යෝජනාව කථානායකට භාර දෙයි

Next Post

ඇමැති මංගල හිරු දෙරණ නාලිකාවල වෙලෙඳ දැන්වීම් තහනම් කරයි

editor

editor

Next Post

ඇමැති මංගල හිරු දෙරණ නාලිකාවල වෙලෙඳ දැන්වීම් තහනම් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved