• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර රැකියා අවස්ථා

22 August 2019
in දේශීය

දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර ප්‍රධාන පෙළේ විවිධ සමාගම්වලින් රැකියා ලබාදීමට දැනට ම ඉල්ලීම් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) ජාතික හා පළාත් පාසල්වල දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු වෙනුවෙන් උපාධිධාරීන් 226 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමින්.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් දැන් අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) සමත් වූවත් – අසමත් වූවත් උසස් පෙළ පන්තියට ඇතුළත් වී ක්ෂේත්‍ර හතකින් ව්‍යවහාරික විෂයයන් 26ක් හැදෑරීමට සිසුනට අවස්ථාව උදා වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක රැකියා සදහා වෘත්තීය විෂයයන් හැදැරූවන්ට දැඩි ඉල්ලුමක් පවතින නිසා සාමාන්‍ය පෙළ අසමත් සිසුන් පමණක් නොව සමත් සිසුන් පවා එම වෘත්තීය විෂයයන් හැදැරීමට ඉදිරිපත්වී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නුපුහුණු ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් රැකියා සදහා මැදපෙරදිග රටවල් වෙත ගමන් කරන නමුත් මෙම විෂයය හැදෑරීමෙන් පසු ඉදිරි කාලයේ රැකියා සඳහා මැද පෙරදිග නොව‍ ලෝකයේ දියුණු රටවලට ගොස් ඩොලර්, යුරෝ ආදී විශාල ධනයක් උපයා ගැනීමේ අවස්ථා හිමිවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකා, මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ද ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි සහ අධ්‍යාපන ලේකම් එම් එන් රණසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Post Views: 8
Previous Post

මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අංගවිකල වෙලා – ඇමැති වජිර

Next Post

ගෝඨාගේ පාටියට ගියේ නෑ……. නාමල්ගේ වෙඩිමට නම් යනවා – දුමින්ද කියයි

editor

editor

Next Post

ගෝඨාගේ පාටියට ගියේ නෑ....... නාමල්ගේ වෙඩිමට නම් යනවා - දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved