• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර රැකියා අවස්ථා

22 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර ප්‍රධාන පෙළේ විවිධ සමාගම්වලින් රැකියා ලබාදීමට දැනට ම ඉල්ලීම් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) ජාතික හා පළාත් පාසල්වල දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු වෙනුවෙන් උපාධිධාරීන් 226 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමින්.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් දැන් අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) සමත් වූවත් – අසමත් වූවත් උසස් පෙළ පන්තියට ඇතුළත් වී ක්ෂේත්‍ර හතකින් ව්‍යවහාරික විෂයයන් 26ක් හැදෑරීමට සිසුනට අවස්ථාව උදා වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක රැකියා සදහා වෘත්තීය විෂයයන් හැදැරූවන්ට දැඩි ඉල්ලුමක් පවතින නිසා සාමාන්‍ය පෙළ අසමත් සිසුන් පමණක් නොව සමත් සිසුන් පවා එම වෘත්තීය විෂයයන් හැදැරීමට ඉදිරිපත්වී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නුපුහුණු ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් රැකියා සදහා මැදපෙරදිග රටවල් වෙත ගමන් කරන නමුත් මෙම විෂයය හැදෑරීමෙන් පසු ඉදිරි කාලයේ රැකියා සඳහා මැද පෙරදිග නොව‍ ලෝකයේ දියුණු රටවලට ගොස් ඩොලර්, යුරෝ ආදී විශාල ධනයක් උපයා ගැනීමේ අවස්ථා හිමිවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකා, මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ද ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි සහ අධ්‍යාපන ලේකම් එම් එන් රණසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Post Views: 4
Previous Post

මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අංගවිකල වෙලා – ඇමැති වජිර

Next Post

ගෝඨාගේ පාටියට ගියේ නෑ……. නාමල්ගේ වෙඩිමට නම් යනවා – දුමින්ද කියයි

editor

editor

Next Post

ගෝඨාගේ පාටියට ගියේ නෑ....... නාමල්ගේ වෙඩිමට නම් යනවා - දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

17 November 2025
බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

17 November 2025
තිසරුන් ගලවා සමනලයෙක් වූ නිලිය

තිසරුන් ගලවා සමනලයෙක් වූ නිලිය

17 November 2025
බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් – මිය ගිය ගණනත් ඉහළට

බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් – මිය ගිය ගණනත් ඉහළට

17 November 2025

Recent News

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

17 November 2025
බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

17 November 2025
තිසරුන් ගලවා සමනලයෙක් වූ නිලිය

තිසරුන් ගලවා සමනලයෙක් වූ නිලිය

17 November 2025
බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් – මිය ගිය ගණනත් ඉහළට

බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් – මිය ගිය ගණනත් ඉහළට

17 November 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

17 November 2025
බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

17 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved