• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෙසක් උත්සවය සඳහා උපරීම ආරක්ෂාව දෙන බව පොලිසිය කියයි

17 May 2019
in දේශීය

වෙසක් උත්සවය සඳහා උපරිම ආරක්ෂාව ලබා දීමට කටයුතු කර තිබෙන බව පොලිස් අධිකාරි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. ඊයේ (16) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ වෙසක් උත්සවය පවතින දින කිහිපය තුළ කොළඹ ඇතුළු නගරවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහාත් රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහාත් පොලිස් නිලධාරීන් යොදවා තිබෙන බවයි.

ප්‍රජා පොලිස් කමිටු සම්බන්ධ කරගෙන සෑම ප්‍රජා පොලිස් කමිටුවක්ම ආවරණය වන ලෙසට වෙසක් උත්සවය වෙනුවෙන් ආගමික උත්සව හා ආගමික කටයුතු සංවිධානය කරන ලෙසට පොලිස් මූලස්ථානය වෙතින් සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් ලබා දී තිබෙන බව ගුණසේකර මහතා පැවසිය.

වයඹ පළාත හා මිනුවන්ගොඩ ප්‍රදේශය තුළ සිදුවුන ප්‍රචන්ඩ ක්‍රියා පිළිබඳ විමර්ශන දිගටම සිදු කරන බවත් එම ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයින් පිළිබඳ සෙවීම සඳහාත් ප්‍රචන්ඩ ක්‍රියා සැලසුම් කළ පුද්ගලයින් පිළිබඳව සෙවිම සඳහාත් බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය. ඒ වගේම ප්‍රචන්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වෙලා මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් සිටිනවානම් ඒ සැකකරුවන්ට පොලිසිවලට හෝ අධිකරණයට භාර විමට හැකියාව තිබෙන බව හෙතෙම පැවසිය.

ප්‍රඩන්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වී පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් යම් දිනෙක විදේශ ගත වීමට හෝ රැකියාවකට යාමට හෝ වෙනත් කටයුත්තකට හෝ පොලිස් වාර්තාවක් ඉල්ලූ විට එම තැනැත්තා අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් වාතර්තාවල සඳහන් කිරීමට සිදු වේ. තවද රැකියාවන් වල නිරත පුද්ගලයින්ගේ ආයතන වලට මෙම අත්අඩංගුවට පත්වීම් පිළිබඳව දැනුම් දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

මෙම බොම්බ පිපිරීම් වලට සම්බන්ධ අන්තවාදී ත්‍රස්තවාදී පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහු මොහොමඩ් රිස්වාන් නැමැත්තාය. ඔහු බස්නාහිර පළාතේ බුද්ධි කොට්ටාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

 

Post Views: 16
Previous Post

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අනුරාධපුරයේදි 23 වනදා සිට

Next Post

බෙනස් වර්ගයේ ගිලන් රථ 20 ක් රෝහල්වලට

editor

editor

Next Post

බෙනස් වර්ගයේ ගිලන් රථ 20 ක් රෝහල්වලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved