• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෙස්සන්තර වෙලා ආපු මෛත්‍රි දැන් ව්‍යවස්ථාව හිල් කරනවා

19 November 2018
in දේශීය

ජනාධිපති ධුරයේ බලතල අඩු කරන්න වෙස්සන්තර ලෙසින් ආපු මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා අද කරමින් තිබෙන්නේ ව්‍යවස්ථාව හිල් කරමින් බලය අත්තනෝමතික ලෙස භාවිතා කිරීමක් බව ආර්ථික විශ්ලේෂක, මානව සම්පත් කළමනාකාර තුෂාර හෙට්ටිතන්ත‍්‍රීගේ මහතා පවසයි.

අද (19) ජාතික විද්වත් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ සදාචාර විරෝධී ලෙස, නීති විරෝධී ලෙස ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කරගත් ජනාධිපතිවරයා දැන් සදාචාර විරෝධී ලෙස පාර්ලිමේන්තුව රැස්කිරීමට නොදී බාධාකරමින් තිබෙන බවයි. මෙම අසීලාචාර ක‍්‍රියාවන් දෙස රටේ ජනතාව පිළිකුළෙන් බලාගෙන සිටින බව ද හෙතෙම කියා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු තුෂාර හෙට්ටිතන්ත‍්‍රීගේ මහතා “පසුගිය කාලේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු කණ්ඩායමක් හැසිරුණ ආකාරය දුටුවාම ජනතාවට නැවතත් 2014 කලින් දේශපාලනය මතක් වෙනවා. 2009 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය අවසන් වීමෙන් පසුව මුලින්ම කළේ 2010 මැතිවරණයෙන් පසුව තමන්ට ඡුන්දෙන් නොලැබුණ 2/3දෙකේ බහුතරය සදාචාර විරෝධී ආකාරයෙන් හදාගැනීමයි. එය ව්‍යවස්ථාවට අත තැබීමක්. අනතුරුව යම් පුද්ගලයෙකුට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරණයට තරඟ කළ හැකි වාර ගණන දෙකේ සීමාව ව්‍යවස්ථාව වෙනස් කරමින් ඕනෑම වාරයක් තරඟ කිරීමට අවස්ථාව හදාගත්තා. ඉන් අනතුරුව අධිකරණයට අත තබලා එවකට අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක අනිසි ආකාරයෙන් තනතුරෙන් පහකරලා දැම්මා. මේ ආකාරයට ව්‍යවස්ථවාට අත තියලා අධිකරණයට අත තියලා ගෙන ගිය පාලනය නිසා තමයි 2014දී අත්තනෝමතික විධායක ජනාධිපති ධුරය පිළිබඳව නැවත වටයකින් කතාබහ වෙන්න පටන් ගත්තේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ලක්ෂ 62ක ජනවරමක් සහිතව බලය ලබාගත්තේ. නමුත් ඔහු අද ක‍්‍රියාත්මක වෙන්නේ ඒ ජනවරමට අනුව නෙවෙයි.
රට අස්ථාවර වෙලා. අකර්මන්‍ය වෙලා. රාජ්‍ය ආයතනවල වැඩකටයුතු ඇණහිටලා. ආර්ථිකය විශාල අර්බුදයකට ගමන් කරමින් තිබෙනවා. රුපියල කඩාවැටිලා. අද ඩොලරයකට රුපියල් 178ක් ගෙවන්න සිදුවෙලා. ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත්වෙලා. හැත්තෑ වසරක දේශපාලනය අද රට අගාධයකට ගෙනත් තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා මෙය වෙනස් කරන්න පෙරට එන්න කියලා. මේ සඳහා ගොඩනගන පුළුල් ජනතා බලයක් වෙනුවෙන් පෙළගැසෙන්න කියලා ජනතාවගෙන් අපි ඉල්ලනවා. පාර්ලිමේන්තුවේ විගඩම් කරන මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලනවා වෙනත් රටවල විනය ගරුක මන්ත‍්‍රීවරුන් පිළිබඳව අධ්‍යයනය කරන්න කියලා. යැයි තුෂාර හෙට්ටිතන්ත‍්‍රීගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

පාර්ලිමේන්තුව රැස් වී සභාව සිකුරාදා තෙක් කල් තැබේ

Next Post

එජාපෙ පක්ෂ නායකයින් අද රැස්වෙයි

editor

editor

Next Post

එජාපෙ පක්ෂ නායකයින් අද රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved