27 July 2024
#දේශීය

වේදිනිගම විමලතිස්ස හිමි පක්ෂයෙන් ඉවත් කළා. නැවතත් ලේකම් ලෙස නිශාන්ත රත්නායක මහතා

‘අපේ ජන බල පක්ෂයේ’ සභාපති සමන් පෙරේරා මහතා සඳහන් කරන පරිදි, තාවකාලික ලේකම් ලෙස කටයුතු කල වේදිනිගම විමලතිස්ස හිමියන් පක්ෂ ව්‍යවස්ථා ප්‍රකාරව එම තනතුරෙන් ඉවත් කර ඇත.

එම මහතා තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ සභාපතිවරයා ලෙස 2020 අගෝස්තු මස 07 වැනිදා සිට පක්ෂ ව්‍යවස්ථාවෙන් තමාට ලැබී ඇති බලතල මත මෙම තීරණය ගන්නා බවයි.

ඒ අනුව පක්ෂයේ ලේකම්වරයා ලෙස හිටපු මහ ලේකම් නිශාන්ත රත්නායක මහතා කටයුතු කරන බවද හෙතෙම සිය නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය 14 වැනිදා නීතිපතිවරයා විසින් නෛතික පදනම මත ‘අපේ ජන බල පක්ෂයට’ හිමි විය යුතු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය විමලතිස්ස හිමියන්ට ලබාදිය යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දන්වා තිබුණා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *