• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකිරීමේ විශේෂඥ කමිටුව සිය වාර්තාව ජනපතිට භාරදෙයි

28 January 2019
in දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිව්‍යුහගත කිරීමකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂඥ කමිටුව සිය කමිටු වාර්තාව අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද්දේ පසුගිය ජනවාරි 07 වනදා යි.

ආයතනය ඈවර කිරීම හා නැවත ස්ථාපනය කිරීම, කළමනාකරණ ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රාග්ධන උත්පාදනය යන අංශ තුන පිළිබදව මෙම කමිටු වාර්තාව මගින් නිර්දේශ යොමු කර තිඛෙන අතර, එහි තුන්වන කරුණ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රාග්ධන උත්පාදනය යන කොටස පිළිබද අවධානය යොමු කර ඉදිරි කටයුතු කිරීම වඩා යෝග්‍ය බව මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ය.

ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් හා කළමනාකාරිත්වයක් හදුනාගැනීම, ව්‍යාපෘති ආකෘති සංශෝධනය,මානව සම්පත් ප්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඉදිරිපත් කිරීම, සන්නාම ප්‍රවර්ධනයේ දී සහයෝගීතාවය පිළිබද සොයා බැලීම යන කරුණු පිළිබදව අවධානය යොමු කර කටයුතු කළයුතු බවට ද කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

කමිටු වාර්තාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝ එම අවස්ථාවට එක්ව සිටියහ.

නියමිත කාලයට අනුව කමිටු වාර්තාව භාරදීමට පියවර ගැනීම පිළිබද මෙහිදී ජනාධිපතිවරයා එහි සියලූ සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනැමී ය.

 

Post Views: 9
Previous Post

ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ – ඇමැති මංගල කියයි !

Next Post

සෑබෑ නිදහස ලබා ගැනීමටනම් ජනතා බලවේගයක් අවශ්‍යයි- පුබුදු ජයගොඩ කියයි (විඩියෝ දෙවන කොටස)

editor

editor

Next Post

සෑබෑ නිදහස ලබා ගැනීමටනම් ජනතා බලවේගයක් අවශ්‍යයි- පුබුදු ජයගොඩ කියයි (විඩියෝ දෙවන කොටස)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved