• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් බදවාගැනීමට සියලු කටයුතු සූදානම්

24 July 2019
in දේශීය

ශිෂ්‍ය උපදේශනය පාසල් මට්ටමින් සක්‍රීය ව පවත්වාගෙන යාම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් ඒ වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය වෙත විෂය සුදුසුකම් සහිත උපාධිධාරීන්ගෙන් නවක ගුරුවරුන් බඳවාගැනීමට අවශ්‍ය විධිවිධාන යොදන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයා වෙත ලබා දී ඇති උපදෙස් අනුව, පසුගිය වසරේ නොවැම්බර් 25 වැනි දින අදාළ බඳවාගැනීම් සඳහා වන තරග විභාගය පැවැත් වු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව, ගුරු සේවයේ 3-1 ( අ) ශ්‍රේණියට අදාළ ව මෙම ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් බඳවාගැනීමට කටයුතු සම්පාදනය කරන ලද අතර, ජාතික පාසල් සහ සියලු පළාත් පාසල්වල පවත්නා පුරප්පාඩු සඳහා අදාළ බඳවාගැනීම් සිදුකිරීමට තීරණය කොට තිබිණි.

එහෙත් මේ සඳහා පළාත් පාසල්වලට අදාළ බඳවාගැනීම් සිදුකිරීමට එකඟතාව පළ කරන ලද්දේ සබරගමුව හා වයඹ පළාත් පමණි. ඒ අනුව මේ සදහා පැවති තරග විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් අතරින් අදාළ පළාත් සහ ජාතික පාසල්වල පවත්නා පුරප්පාඩු සඳහා, සම්මුඛ පරීක්ෂණයෙන් සහ ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත්වන අයදුම්කරුවන් අතරින් අදාළ බඳවාගැනීම් ඉදිරියේ දී සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ජාතික පාසල් සඳහා පවත්නා පුරප්පාඩු 232 ක් (සිංහල මාධ්‍ය 184ක් සහ දෙමළ මාධ්‍ය 48ක්) මෙන් ම, වයඹ පළාතේ පුරප්පාඩු 341ක් (සිංහල මාධ්‍ය 274ක් සහ දෙමළ මාධ්‍ය 67ක්) වෙනුවෙන් ද, සබරගමුව පළාතේ පුරප්පාඩු 235ක් (සිංහල මාධ්‍ය 182ක් සහ දෙමළ මාධ්‍ය 53ක්) වෙනුවෙන් ද මෙම බඳවාගැනීම් සිදුකෙරෙන අතර, ලිඛිත පරීක්ෂණය සමත් වූවන්ගෙන් පුරප්පාඩු සංඛ්‍යාව මෙන් පස්ගුණයක් සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අතර, ඉන් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පුරප්පාඩු සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් ප්‍රායෝගික පරික්ෂණය වෙත කැඳවනු ලැබේ.

ඒ අනුව මෙම බඳවාගැනීම්වලට අදාළ ව සම්මුඛ පරීක්ෂණ කටයුතු 2019-05-31 සිට 2019-06-10 තෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වන ලදී. ලිඛිත පරීක්ෂණයෙන් සමත් හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් අයදුම්කරුවන් වෙත ඔවුන් ලබාගත් ලකුණුවල එකතුව අනුව, කුසලතා අනුපිළිවෙළ තීරණය කර අදාළ පත්වීම් ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

 

Post Views: 18
Previous Post

අනුරාධපුරයේදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය උත්කර්ශවත් අන්දමින් ආරම්භ වේ

Next Post

මහනුවර ඇසල පෙරහැර පුර්ණ ආරක්ෂාවක් – අගමැති

editor

editor

Next Post

මහනුවර ඇසල පෙරහැර පුර්ණ ආරක්ෂාවක් - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved