• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත් ජනපති වු පසු විප්ලවකාරි පරිවර්තනයක් කරනවා – ඇමති චම්පික රණවක

5 November 2019
in දේශීය

මෙවර ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා විසින් සමාජ, ආර්ථීක,දේශපාලන,පාරිසරික වශයෙන් විප්ලවීය පරිවර්තන ගණනාවක් සිදුකිරීමට නියමිත බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පදනම් ආයතනයේදී පැවති ”සජිත් සමාජ විප්ලවය” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිබඳ විශේෂ විග‍්‍රහයකට එක් වෙමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ”සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපති ජයග‍්‍රහණයෙන් පසු විප්ලව කාරී පරිවර්තන ගණනාවක් සිදුකරන්න නියමිතයි. බලගතු සමාජ පරිවර්තනයක් සිදුකරනවා. මත්ද්‍රව්‍යය ජාවාරම, රාජ්‍ය අංශයෙත් පුද්ගලික අංශයෙන් දුෂණය පැතිරීම, ආගමික අන්තවාදය යන කාරණාවලට එරෙහි කටයුතු ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. රට පැහැදිලි ආර්ථික වෙනසක් ඉල්ලා සිටින අවස්ථාවක්. බලගතු ආර්ථීක පරිවර්තනයක්, උපාය මාර්ගික වෙනසක් ඇති කරන්න අප බලාපොරොත්තු වෙනවා. 2010-2015 කාලයේ වාණිජ පදමින් ණය ගත්ත ආර්ථික බුබුලක් මහින්ද රාජපක්ෂ මහතා ඇති කළා. 2010-2014 කාලයේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 23ක වර්ධනයක් ළගාකර ගත්තා. එම කාලය තුළම වාණිජ හා විදේශ වලින් ලබාගත් ණය ඩොලර් බිලියන 18 ක්. ඒ ආර්ථික වර්ධනය ඇති වුණේ ණයවර බුබුළ මගින්. ඒ 2015 වසරෙන් පසු අපට එයට මුහුණ දෙන්න සිද්ද වුණා. 2019 වර්ෂයේදී විදේශ විනිමය ණය වාරිකය පොලියත් සමගින් ඩොලර් බිලියන 5.6ක්. ඉන් 4.5ක් පොලිය නොමැති ණය. ඉන් සියයට හැත්තෑවක් ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ රාජපක්ෂ යුගයේ ඇති කර ණයවර බුබුළ මගින් ඇති කර ව්‍යාජ ආර්ථික වර්ධනයේ ප‍්‍රතිඵල ලෙසින්. දේශපාලන පරිවර්තනයක් යෝජනා කර තිබෙනවා. අවිංසාවාදීව බලගතු දේශපාලන පෙරළියක් ඇති කරන්න යනවා. සජිත් සමාජ විප්ලවය ලෙස එය ගෙන එන්නේ. මෙතෙක් පැවති මෙරට දේශපාලන දේහයේ පිළිකාවන් ඉවත්කර, නීරෝගී සම්පන්න දේශපාලන ජීවිතයක්, ජනතාවට දේශපාලනය ගැන විශ්වාසය දැනවිය හැකි ක‍්‍රියාදාමයන් ඇති ප‍්‍රතිපත්ති මාලාවක් ඇති කර තිබෙනවා. රටට නව ආර්ථික උපාය මාර්ගයක් අවශ්‍යයි. අපි දකින්නේ දැනුම පදනම් කරගත් නවෝත්පාදන ආර්ථියක්. එයට යටිතල පහසුකම් වැඩි දියුණු කිරිමක් මේ රජය විසින් සිදුකළා. එය හෝමාගම නගරයේ ඇති කරපු තාක්ෂණ ව්‍යාපෘතිය. රජයේ උපකාරයෙන් තොවර තරුණ ව්‍යවසායකත්වයක් බිහිවුණා. මේ ක‍්‍රියාවලිය රටේ ප‍්‍රධාන ආර්ථික ක‍්‍රියාවලිය ලෙසින් පරිවර්තනය කරන නවෝත්පාදන ආර්ථීක ක‍්‍රියාවලිය තමයි සජිත් පේ‍්‍රමදාස මහතාගේ සමාජ විප්ලවය තුළ තිබෙන ප‍්‍රධානම ක‍්‍රියාදාමය බවට පත්වෙන්නේ. එමගින් නව රුකියා අවස්ථා උත්පාදනය, නව වාණිජ අවස්ථා උත්පාදනය, නව විදේශ ආදායම් උත්පාදනය කර ගැනීම සේම රටතුළ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ වෙනත් ක්ෂත‍්‍රයන් වල විප්ලවීය පරිවර්තනයක් මේ දෙසට ඇති කරගැනීම තමයි අපගේ අරමුණ.

නව පරිසර ප‍්‍රඥප්තියකට එළබිලා තිබෙනවා.ගෝලීය උණුසුම වැඩිවීමත් සමගින් පරිසර ප‍්‍රශ්නය ජාති, ආගම්, දේශ සීමාවලින් තොර භයානක ප‍්‍රතිඵල ලැබෙන්නක් බවට පත්වෙලා. සරණාගතයින් බිහිවන තත්වයට පරිසර ප‍්‍රශ්නය ඇතිවෙලා තිබෙනවා. උදාහරණයක් සඳහන් කළොත්, ඉන්දුනීසියාවට අගනගරය වන ජකර්තා නගරය අතහැර 2025 වන විට බෝනියෝවල අලූත් නගරයක් ගොඩනගන්න සිදු වෙලා තිබෙනවා. මුහුද ගොඩ ගැලීමේ ගැටලූව මත. මේ අභියෝගය බස්නාහිර පලාතට, යාපනයට, මඩකලපුවට පවතිනවා. ඉදිරි වසර පනහ තුළ මුහුද ඉහළට යන ප‍්‍රමාණය, වැසි, නියගය මගින් දැවැන්ත සංවර්ධන අභියෝගයක් ඇති වෙනවා. එයට මුහුණ දෙන ආකාරය පිළිබද සියලූ සංවර්ධන, සමාජ, ආර්ථික, දේශපාලන, විදේශ ප‍්‍රතිපත්තිය, ආරක්ෂක ප‍්‍රතිපත්තියට තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. මේ සමාජ විප්ලවය තුළ තිරසර සංවර්ධන දැක්මක් ඉදිරිපත් කරනවා. බලශක්ති, ආර්ථික, සමාජ ප‍්‍රතිපත්තිය තුළ ඉදිරිපත් කරනවා. එහිදී අංක 1 ජලය පිළිබද ගැටලූව අවධානය යොමුකර තිබෙනවා. එක් පසක නියගය, ජල ගැලූම්, මුහුදු ජලය රට තුළට කාවැදීමේ ප‍්‍රශ්නය. ඒ වගේම ජීව විශේෂ වඳවීයාම, ජීව විශේෂ ආක‍්‍රමණය, ජීවින් හා මනුස්සයන් අතර ඇති වන ගැටුම මේවා කළමණාකරණය කරගෙන මේ රට ඊළඟ යුගයට ගෙන යන ආකාරය ගැන වැඩ පිළිවලක් සකසා තිබෙනවා” යනුවෙන් සදහන් කළේය.

 

 

 

Post Views: 14
Previous Post

ගෝඨා ගෙන්න කැප වුණ අයගේ දැන් වටිනාකම ගැන මහාචාර්ය චන්න කතා කරයි

Next Post

මම හැරමිටියෙන් හරි ඇවිල්ලා පක්ෂය ආරක්ෂා කරනවා – හිටපු ජනාධිපතිනිය කියයි

editor

editor

Next Post

මම හැරමිටියෙන් හරි ඇවිල්ලා පක්ෂය ආරක්ෂා කරනවා - හිටපු ජනාධිපතිනිය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved