• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත් පේමදාස නිසා නිවාස අධිකාරිය මූල්‍ය අර්බුදයක…

23 December 2019
in සංවර්ධන

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුවී ඇතැයි කියන විශාල පරිහානියක් හෙළිදරව්වෙමින් පවතී. පසුගිය වසර පහක් පුරාවට ම නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු දේශපාලනීකරණය හේතුවෙන් අකර්මණ්‍ය වී ඇතැයි ද එහි අභ්‍යන්තර තොරතුරු මූලාශ්‍ර අනාවරණය කරයි.

එම ආයත්නය ට අය විය යුතු ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල නිවාස ණය වාරික එකතු කිරීම හිටපු පාලකයන් විසින් නතර කිරීම නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇත. මේ නිසා දෙසැම්බර් සහ ජනවාරි යන මාසවල සේවක වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් ද උදාවී තිබෙන බව ද නිවාස සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ණය මුදල් එකතු නොකරන්නට ඉහළින් ලද නියෝග බලපා තිබේ. ඊට හේතුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ට ඡන්ද අහිමි වේයැයි වූ සැකයයි.

නිවාස සංවර්ධන අධිකාරිය සිය සේවකයන්ට වැටුප් ගෙවීම සිදු කරන්නේ නිවාස ණය වාරික එකතුවීමෙන් ලැබෙන මුදල්වලින් බවත්, වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් නිවාස අධිකාරිය ට මුදල් ලබාදීමක් සිදුනොකරන බවත් පැවැසේ.

හිටපු නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස විසින් විශේෂ උපදේශකවරයකු ලෙස දේශපාලන පත්වීමක් ලබා දුන් අයෙකු විසින් පසුගිය ඔක්තෝම්බර් මස අධිකාරයේ අදාළ අංශ වෙත ලිපියක් යවමින් නිවාස ණය එකතු කිරීම නතර කරන ලෙසට දැනුම් දී ඇත. එම දිනවල නිවාස ණය එකතු කළොත් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුවන බව පවසමින් මෙම උපදේශකවරයා විසින් අදාළ නියෝගය ලබා දී තිබේ.

මේ පිළිබඳට නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මෙසේ අදහස් දක්වා තිබේ.

“සජිත් ප්‍රේමදාසගේ​ කෙටි පණිවුඩය මගින් අදහස් හුවමාරු කරගත්තා කියා එතුමාගේ උප​දේශකයෙක් සෑම දිස්ත්‍රික් කළමනාකරුවකුටම ලිපියක් එවා තිබෙනවා. ණය අය කර ගැනීමෙන් මිනිසුන් ඡන්දෙ දෙන්නේ නෑ. එනිසා මේ ණය අයකර ගැනීම ඉලක්කයට අනුව සිදු නොකරන ලෙසයි මේ ලිපියෙන් ඇඟවෙන්නේ. මේ ලියුමේ පිටපත් අප ළඟ තිබෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත් පුත්තලමේ එකතු විය යුතු ණය වාරික ප්‍රමාණය මිලියන 19ක්. ඒත් මිලියන තුනයි එකතුවන්නේ. අධිකා​රියේ සිටි එක්දහස් ගණනක සේවක සංඛ්‍යාව සජිත් ප්‍රේමදාස හාරදහස් ගණනාවක් දක්වා වැඩිකරලා තියෙන්නේ. මේ නිසා නිවාස සංවර්ධන අධිකාරිය විශාල මූල්‍ය අර්බුදයකට ලක්වෙලා තියෙනවා.” යැයි රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සටහන : ජනිත් විපුලගුණ

Post Views: 15
Previous Post

ඉන්දීය පුරවැසි පනතට එරෙහි විරෝධතාකරුවන් 26ක් මියයයි…

Next Post

ජනවාරි සිට සහල් මිල පහත ට…

editor

editor

Next Post

ජනවාරි සිට සහල් මිල පහත ට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved