• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෙල්ලම් ආණ්ඩු හදලා දැන් ජනාධිපති වෙන වෙන සෙල්ලම් දානවා – ජවිපෙ කියයි

28 November 2018
in දේශීය

ලෝකයේ රටවල් අනෙකුත් රටවල්වලට අභියෝග කරන්නේ නැති බවත් ඇමරිකාව පවා උතුරු කොරියාව සමඟ සහයෝගයෙන් වැඩ කරන්න සාකච්ඡා කරන අතර එවැනි තත්වයක් තිබියදී අපේ රටේ සෙල්ලම් කැබිනට් එකේ ඇමතිවරු වෙන රටවල්වලින් අපිට වැඩක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ විසින් කැඳ වු මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේ ” අපේ රට ආර්ථික වශයෙන් ස්ථාවරයක් නොමැති බවත් වෙන රටවල්වල තෙල්වලින් යැපෙන බවයි. බොහෝ යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන්වන්නේ පිට රටවල්වලින් බවත් විශාල භාණ්ඩ ප‍්‍රමාණයක් ආනයනය කරන බව ද හෙතෙම කියා සිටියේය. අයවැය හිඟය පියවීමට පවා ණය ගන්නා අතරම අනෙකුත් රටවල්වලට අභියෝග කිරීම විහිළුවක් බවයි හදුන්නෙත්ති මහතා කියා සිටියේ.

2019, 2020 වසරවලදී තමයි අපේ රට ගත්ත ණයවල වැඩිම ණය පොලී වාරිකය ගෙවන්න තිබෙන්නේ අතරම ඒ වෙනුවෙන් ආර්ථිකය මෙහෙයවනවා වෙනුවට ණය ගිවිසුම් සමාලෝචනය කරනවා වෙනුවට ආර්ථික වැඩපිළිවෙළ සකස් කරගන්නවා වෙනුවට මෛත්‍රිපාල සිරිසේන විසින් වර්ෂ අවසානයේදී රටේ මුළු ශේෂ පත‍්‍රයම අවුල් කර දමා ඇති බව ද හෙතෙම කියා සිටියේය.

එහිදී ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” මේ අර්බුදය යටගහන්න ජනාධිපතිවරයා අලූත් තුරුම්පුවක් ගහන්න හදනවා. එජාප ආණ්ඩුවේ වංචා-දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් දාන්න හදනවා. එහෙම කොමිසමක් දාන එක හොඳයි. ඒවගේම පහුගිය කාලේ බරපතළ දුෂණ හොයන්න ඉදිරිපත් කරපු කොමිසම් වාර්තාවට, මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාවට මොකද වුණේ කියලා ජනාධිපතිවරයා රටට පැහැදිළි කරන්න ඕනෑ. අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා, එළියට නොදා ඉන්න බැඳුම්කර කොමිසමේ වාර්තාව එළියට දාන්න කියලා. ඒක එළියට දාන්නේ නැත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අයත් ඒ ගනුදෙනුවේ ඉන්නවා. එජාපයේ නගරාධිපතිවරුන්ගේ දරුවන්ගේ නමත් ඒ වාර්තාවල තිබෙනවා. දැන් නම් කපලා වාර්තාව එළියට දාන්න හදනවා. ගනුදෙනුව සිදුවු මොහොතේ පමණක් රුපියල් බිලියන 15ක අලාභයක් සිදුවූ එම බැඳුම්කර ගනුදෙනුවේ සම්පූර්ණ අලාභය හොයන්න දෙවැනි කොමිසම දාන්න කියලා අපි ජනාධිපතිවරයාට කිව්වා. නමුත් ඒ කොමිසම තවමත් පත්කරලා නැහැ. සෙල්ලම් ආණ්ඩු හදලා රට අර්බුදයට ගියාට පස්සේ දැන් ජනාධිපතිවරයා වෙන වෙන සෙල්ලම් දානවා. අලූත් හොරු අල්ලන්න පරණ හොරු ලංකරගෙන හරියන්නේ නැහැ. අද මුළු රටම කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵල බුක්ති විඳිමින් ඉන්නවා. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව රටේ සම්පත් විකුණගෙන කෑවා. සෙල්ලම් ආණ්ඩුව හදාගත්ත අලූත් කණ්ඩායම ඉතිරි ටික විකුණන්නේ කොහොමද කියලා පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ආර්ථිකය මෙහෙයවනවා වෙනුවට දැන් මේ කණ්ඩායම කරමින් තිබෙන්නේ තමන්ගේ බල වුවමනාව වෙනුවෙන් කි‍්‍රයාමාර්ග ගන්න එකයි. ඔවුන්ට රටක් ඕනෑ නැති වුණාට ජනතාවට අපිට රටක් ඕනෑ. ඒ නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට ජනතාවගේ ජන ජීවිතය ස්ථාවර කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාමාර්ග ගන්නවා.

 

Post Views: 7
Previous Post

7 වෙනිදා වෙනකම් මුකුත් කරන්න බෑ – ටී.බී ඒකනායක කියයි

Next Post

මගේ කසාදේ අප්සට් වුණාට මම කරන කපුකම් හරියනවා – ඩිලාන් පෙරේරා කියයි

editor

editor

Next Post

මගේ කසාදේ අප්සට් වුණාට මම කරන කපුකම් හරියනවා - ඩිලාන් පෙරේරා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved