• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හම්බන්තොට වෙළඳ කලාපයෙන් මුළු ආර්ථිකයම නවීකරණය කරනවා – අගමැති

24 March 2019
in සංවර්ධන

රුහුණේ ආර්ථික පරිවර්ථනයේ කේන්ද්‍රස්ථානය හම්බන්තොට බවත් හම්බන්තොට වෙළඳ කලාපයෙන් මුළු ආර්ථිකයම නවීකරණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද (24) මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ මම සතුටු වෙනවා ඕමානයේ අමුත්තන් පැමිණීම ගැන. විශේෂයේ ම මට සුබ පැතූ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා. රටට ලබුණු දායාදය අපට ලැබුණු හොඳම තෑග්ග. හම්බන්තොට වරාය හිස්. මත්තල හිටියේ මොණරු විතරයි. වල් අලි හිටියේ යාලේ. සුදු අලි හිටියේ හම්බන්තොට. අද අනුමත කර තිබෙනවා, චීන සමාගමක් විසින් ඉදි කිරීමට යන එලෙන්ජී ගෑස් විදුලි බලාගාරයක්.අද මෙතැන තෙල් පිරිපහදුවක් ඇති කරනවා. සපුගස් කන්දෙන් පසුව පලමුවරට තෙල් පිරි පහදුවක් ඇති කරන්නේ. සිමෙන්ති කර්මාන්තශාලාව මෙතැන ඉදිවෙනවා. මාස තුනක් යන්නට පෙර මත්තල ගුවන්තොටුපලත් ක්‍රියාත්මක වෙනවා.

අවුරුදු තුනකින් අප පොරොන්දු වූ හැටියට දෙන්නේ. රුහුණේ ආර්ථික පරිවර්ථනයේ කේන්ද්‍රස්ථානය හම්බන්තොටයි. මෙය අප තවත් දියුණු කරනවා. මෙතැනින් හම්බන්තොට කොටස විතරයි. මෙතැන අක්කර 6000ක් තියෙනවා. මොණරාගල 6000ක් තිබෙනවා. මෙය ඇති කිරීමෙන්කො පමණ වෙනසක් වෙනවද? අපි හිතන්නේ නැති බිස්නස් මෙතැන ඇති වෙනවා. සිමෙන්ති හිඟයත් අප විසඳලා තියෙන්නේ.

මෙහි විශාල දියුණුවක් ඇති වෙනවා. මෙතැනින් නතර වෙන්නේ නෑ. පරිවර්තනයේ එක කොටසක් විතරයි. ආයෝජන ලබාගන්න ක්‍රියාකරනවා. හම්බන්තොට වෙලඳ කලාපයේ මුළු ආර්ථිකයම නවීකරණය වෙනවා. සංචාරක ව්‍යාපාරය, ධීවර් කර්මාන්තය නවීකරණය කෙරෙනවා. එහෙම දියුණුවක් ගෙන යන්නේ.විශාල දියුණුවක්. අපි ඔක්කොම කළේ ප්‍රතිපත්තියක් අනුවයි. අපි ණය පිරිණු රටක් ගත්තේ.ආණ්ඩුවක් ලෙස අප බොරු කරන්නේ නෑ. අපි වැඩකරන ආණ්ඩුවක් යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

 

Post Views: 12
Previous Post

අගමැති රනිල්ගේ 70 වන ඡන්ම දිනය අදයි

Next Post

මහබැංකුවේ හිටපු නි. අධිපති ඇතුළු 04 ක් අත්අඩංගුවට

editor

editor

Next Post

මහබැංකුවේ හිටපු නි. අධිපති ඇතුළු 04 ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved