• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හැඳල ලාදුරු රෝහල ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කරයි

4 March 2020
in දේශීය

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන යාම හේතුවෙන් මෙරටට පැමිණෙන සියළුම මගීන් නිරෝධානය කිරීම සඳහා හැඳල ලාදුරු රෝහල යොදා ගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස් වු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

මේ පිළිබදව අද දින (04) විශේෂ ප්‍රකාශයක් සිදු කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව ගනු ලැබූ තීරණයකට අනුව ඉරානයෙන්, දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් ගුවන් මගින් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක් නිරෝධානයකට ලක් කරන බවයි.

ඒ සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස හැදල ලාදුරු රෝහල් පරිශ්‍රය තෝරාගෙන තිබෙන බව ඔහු කියා සිටියේය.

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ වැඩිදුරටත් අදහස් පල කළේය ” මේ ශ්‍රී ලංකා රජය ගත් තීරණයක්. මෙම හැදල නිරෝධායන මධ්‍යස්ථානය සකසුරුවම් කිරිම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සම්පූර්ණ සම්බන්ධතාවය ලබාගන්නවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහි රාජකාරි සිදු කරනු ලබනවා. රඳවා සිටින කාලය තුල එම පිරිස් වෙත සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. මෙම වෛරසය මේ ආකාරයට පාලනයට ලක් කරන්නේ නැතිව ඉහත රටවල මේ රෝගය විශාල ලෙස පැතිර යනවිට අප රටක් වශයෙන් නිහඩව සිටියොත්, මෙවැනි ක්‍රියාමාර්ග නොගත්තොත් අපි නොදැනුවත්වම මෙම වෛරසය රට තුලට පැතිරෙන්න පුළුවන්. පසුව පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වෙන්නට පුළුවන්. එබැවින් විද්‍යානුකූලව ගත යුතු පියවර තමයි අප ගනු ලබන්නේ. මෙහිදී හැඳල ලාදුරු රෝහල අවට ජනතාවට හෝ කිසිම අයෙකුට කිසිම ආකාරයේ සෞඛ්‍යමය ගැටලුවක් ඇති නොවන ආකාරයට විද්‍යාත්මකව තහවුරු කර වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. මේ තීරණය ගනු ලබන්නේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවැරී ඇති බලතල අනුව නීතිප්‍රකාරවයි. මේ සදහා සියලු ආයතනවල, ජනතාවගේ සහයෝගය අනිවාර්යයයෙන්ම සෞඛ්‍ය අංශ වෙත ලැබිය යුතුයි.”

 

දිලිනි සමන්මලි

Post Views: 21
Previous Post

අසාධාරණයට එරෙහිව එක්වන්නැයි රවි කියයි

Next Post

මහ මැතිවරණයට සමාජ මාධ්‍ය අවභාවිතයන් දන්වන්න ඊමේල් ලිපිනයක්

editor

editor

Next Post

මහ මැතිවරණයට සමාජ මාධ්‍ය අවභාවිතයන් දන්වන්න ඊමේල් ලිපිනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved