• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හැමවේලාවේම දයාසිරිගේ වයර් මාරු වෙනවා … !ඇමැති නවින් කියයි

22 January 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නය තමයි හැම වෙලාවෙම එතුමාගේ වයර් මිශ්‍ර වීම බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා පොල් සංවර්ධන අධිකාරිය එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාගම පාර, හිරිපිටියාගම, ඉපලෝගම යන ස්ථානයේ ස්ථාපනය කරන ලද දිසිඳි පොල් කර්මාන්ත ශාලාව ( Sanmik Food (Pvt) Ltd. DC Factory & Dehydration Unit ) පසුගියදා වීවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ දයාසිරි ජයසේකර මහතා ” තිබ්බ ඇමතිකමත් නැති කර ගත්තා විශ්වාසභංගයට සහය දෙන්න ගිහිල්ලා. මම පුද්ගලිකව කීවා ඔය වැඩේ කරන්න එපා කියලා. ඇමෙරිකාවේ ඉඳලා ඇවිත් පැය විසි හතරකවත් නෑ තිලංගත් එක්ක එකතු වෙලා ගේම් එක ගහන්න හැදුවා. ඉතිං ඔය වගේ දේවල් දයාසිරිගෙන් පිට වෙන එක අපිට ලොකු දෙයක් නෙවෙයි.  අපිට ඒක හොඳට පුරුදු වෙලා තියෙන්නේ. විශේෂයෙන් අපේ රට මේ කලාපය පමණක් නෙවෙයි චීනය හා ඉන්දියාව අපිට තියෙනවා ආරක්ෂක ගිවිසුමක්. ඒ වගේම 1948 ඉඳලා  අපිට තියෙනවා ආරක්ෂක ගිවිසුමක්. ඒක අලුත් දෙයක් නෙවෙයි. මම හිතන්නේ ඇමෙරිකාව වේවා ඉන්දියාව වේවා චීනය වේවා අපි ආරක්ෂක ගිවිසුම් ලබා ගන්නේ  ඔවුන්ගෙන් යම්කිසි දෙයක් ලබා ගන්න. අපිට විශේෂයෙන් ඔවුන්ට ලබා දෙන්න දෙයක් නෑ. අපි අවුරුදු 30ක යුද්ධයකට මූණදීලා ඒකෙ පල පුරුද්ද අපේ හමුදාවට තියෙනවා. ඒ දැනුම තියෙනවා එය  අපිට ඔවුන්ට දෙන්න පුළුවන්. මම දන්නවා ඇමෙරිකාව වගේ රටවල් ලෝක බලවතුන් උනාට ත්‍රස්තවාදයට මුහුණු දුන් අත්දැකීම් දැනුම අපෙන් ලබා ගන්න කැමතියි. ඉතිං ඒක ද්විත්වයක් ගනුදෙනුවක්. අපේ රටට විශාල වශයෙන් වාසි ලැබෙනවා නම් පැහැදිලිවම ඇමෙරිකාවත් සමඟ ගිවිසුමක් අත්සන් කරන එක අපේ රටට අහිතකරයි කියලා මම නම් හිතන්නේ නෑ. විශේෂයෙන් ඔය වගේ දෙයක් කැබිනට්ටුවට ඇවිල්ලා කැබිනට් එකේ අනුමැතිය ලබා ගෙන තමයි අපි කරන්නේ. ඒක රහසේ කරන්න බෑ. අපි හරි විවෘත සමාජයක ජීවත් වෙන්නේ. විවිධ පක්ෂ වලට විවිධ මත තියෙන්න පුළුවන්. යැයි නවින් දිසානායක මහතා පැවසිය.

Post Views: 7
Previous Post

පාර්ලිමේන්තුවේ ගැටුම පිළිබඳ වාර්තාව කථානායක වෙත

Next Post

සේනා දළඹුවා මැඩලන්න කටයුතු කරන්නැයි ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස් දෙයි

editor

editor

Next Post

සේනා දළඹුවා මැඩලන්න කටයුතු කරන්නැයි ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved