27 April 2024
#දේශීය

පාර්ලිමේන්තු සජිවිකරණය නවතා දැමීමට එරෙහිව ක්‍රියා කළ යුතුයි – මයන්ත කථානායකගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුව පෙරවරු 10.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීය. මේ අතර, අද දිනයේ දීත් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂය සහභාගී නොවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ආණ්ඩු පක්ෂය නොමැතිව මේ වන විට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තුවේ සජිවි විකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හා රුපවාහිනි නාලිකාවේ මේ වන විට නතර කර ඇති බවත් ඒ සඳහා පාර්ලිමේන්තුව යම් වියදමක් දරා ඇතිනම් ඒ වෙනුවෙන් වහාම අදාළ ආයතනවල නිලධාරින්ට දැනුම් දෙන ලෙස මර්ක්කාර් මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්දයෙන් කථානායක කරු ජයසුරිය මහතා කියා සිටියේ වසර තුනක කාලයක් පටන් පාර්ලිමේන්තුව සජිවි විකාශය සිදු කර ඇති නමුත් මේ වන විට එය නතර කර ඇති බව පැමිණිලි ලැබී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *