27 April 2024
#දේශීය

යළිත් ජාතික ආණ්ඩුවක් – වජිර ඉඟිපායි

එළැඹෙන මහ  මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් පැරදුනත් ආණ්ඩුවක් පිහිටන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුව පිහිටවූයේද ජයග්‍රහණය කර නොව පරාජය වීමෙන් පසු බවද ඔහු අවධාරණය කර ඇත.

ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මහ මැතිවරණයේ ප්‍රචාරක රැළියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ  ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඇති වගන්තිය උපයෝගී කරගෙන ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවය.

 මෙවරත් ඒ ආකාරයෙන්ම සිදු විය හැකි බවද ඔහු එහිදි ඉගි පල කලේය.

පවතින දේශීය හා ජාත්‍යන්තර ආර්ථික අවපාතය හමුවේ ඉදිරි මැතිවරණයෙන් පත්වන ඕන  ආණ්ඩුවක් මාස 06ක් අතුලත බිද වැටෙන බවද ඔහු පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *