27 April 2024
#දේශීය

ඉන්ධන මිල අඩු කරන බව අගමැති කියයි

ඉන්ධන මිල තවත් පහළ දැමෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාතවරයා මේ බව පැවසුවේ 2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 125 දක්වා රුපියල් 10 කින් අඩුවන අතර, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 149 දක්වා රුපියල් 10 තින් අඩු වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 දක්වා රුපියල් 05 කින් අඩුවන බවත් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 දක්වා රුපියල් 10 කින් අඩු කරන බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අතුරු සම්මත ගිණුම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන පියවරක් බවත් නොවැම්බර් අයවැයෙන් ජනතා සහන ලබාදීමට බලාපොරොත්තු වුණත් ඇති වූ අර්බුදය හේතුවෙන් එය කිරීමට නොහැකි වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *