27 April 2024
#දේශීය

අධිවේගයේ බස්ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවේ

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අන්තර් පළාත් බස්රථවල මගී ගමන් ගාස්තු අඩු කිරීම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම බස්ගාස්තු අඩු කිරීම රුපියල් 10ත් 20ත් අතර ප්‍රමාණයකින් සිදු කෙරෙන බවයි.

මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයා 2019 නොවැම්බර් මස 08 වැනිදා නිකුත් කළ අංක 2148/47 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් අධිවේගී මාර්ගවල ගමන් කරනා බස්රථවල ප්‍රවේශ ගාස්තු අඩු කර තිබෙන බව ද රණතුංග අමාත්‍යවරයා පැවසිය.

ඒ අඩු කිරීම රුපියල් 600ත් 500ත් අතර ප්‍රමාණයක් වන බවත් මිල අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබා දීමේ අරමුණින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කළ බව ද හෙතෙම පැවසිය.

එහි ප්‍රතිඵලයක් ලෙසට අද මධ්‍ය රාත්‍රියේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්රථවල මගී ගමන් ගාස්තුද අඩු කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා කියා සිටියේය.

මේ මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති, ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි ඇතුළුව අමාත්‍යාංශ නිලධාරීහු රැසක් එක් වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *