27 April 2024
#දේශීය

කොළඹ, ගම්පහ සහ පුත්තලමට ඇඳිරි නීතිය දිර්ඝ කරයි

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇති බව රජය පවසයි.

එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා බලපැවැත්වෙයි.

සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම ගැන පසුව දැනුම් දෙනු ලැබේ. ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි. ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇත.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. එළවළු ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට ද ඉඩ සලසා තිබේ.

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *