27 April 2024
#දේශීය

අපිට තියෙන්නේ අපේම නොවන ආණ්ඩුවක් – මන්ත්‍රී ප්‍රේමලාල්

අද වන විට සාමාන්‍ය මහජනතාවට එල්ල වී ඇති සියලු ආර්ථිකමය ගැටලු වලට හේතුව වනුයේ මේ මාස 3නේ අපට තිබුණේ අපේම නොවන අපේම ආණ්ඩුවක් නිසා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බලංගොඩ නගරයේ වෙලගෙ පුරාණ විහාරස්ථානය සඳහා විදුලි ජනක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම කිරීමේ අවස්ථාට එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මාස 3 ඇතුලත අපි යහපාලන මරාලෙන් ලබා ගත්තේ ඇත්තටම කකුලට පෑගුන (ජොනී බට්ටෙක්) හරියටම පුද්ගල නාශක බෝම්බයක් වගේ ආණ්ඩුවක් බවයි.

අපි සියලු දෙනා සිමුහික වගකීමක් දරාගෙන මෙය බාර ගත්තේ, එසේ නොකලොත් පාර්ලිමේන්තු කණ්ඩායමේ අපිට සිදුවෙන පුද්ගලික පාඩුවලට වඩා මේ රටට වන ‍‍විශාල හානිය වල්කවා ගන්න බව හෙතෙම පැවසිය.

අපිව හෙට දවසේ ප්‍රතික්ෂේප කලත් රට වෙනුවෙන් අප ගත්ත තීරණය ගැන අප අද ආඩම්බර වන බව ඔහු අනාවරණ කළේය.

තවදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ මැතිවරණය ගේ දොරකොඩටම පැමින ඇති මේ අවස්ථාව වන විටත් එ.ජා.පයට තවමත් ස්ථීර ජන්ද ලකුනක් සොයගත නොහැකිව රනිල්, සජිත් පාර්ශව දෙක සුපුරැදු පරිදි කඹ ඇදිමේ ක්‍රීඩාවේ නිරත් වී ඇති බවත්, ජන්දය කිට්ටු වෙන අවස්ථාවේදී රනිල් මහතා විසින් ඒම ලණුවම සජිත් මහතාට ගිල්ලවනු ඇති බවත්, ඉන් පුසුව මොන ලකුණෙන් ආවත් පරාජයට පත්වන බවත්, ඉන්පසුව අලියා වල්වැදී වල්මත් වනු ඇති බවත් පැවසීය.

අවසාන වශයෙන් දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ වට්ටි, සහ කූඩ යොදා දෛනික වේතනය සොයා ජීවිකාව ගැට ගසා ගන්නා ජනතාවට යම් සහනයක් ලැබී ඇති බවත් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බවත්ය.

මෙම අවස්ථාවට වෙලගේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *