අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (13) චීනයේ දෙදින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ. දශකයකට ආසන්න කාලයකට පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදු කරන පළමු සංචාරය මෙය ලෙස ඉතිහාසයට එක්වේ.
ලොව විශාලතම ආර්ථිකයන් දෙක වන ඇමරිකාව සහ චීනය අතර පවතින සබඳතාවල මෙය ඉතා තීරණාත්මක අවස්ථාවක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ආර්ථික සහ දේශපාලනික වශයෙන් වැදගත් කරුණු රැසක් මෙම සංචාරයේදී සාකච්ඡාවට බඳුන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














