• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ල වන විවේචන පදනම් විරහිතයි – රාජ්‍ය අමාත්‍ය තාරක

2 February 2024
in දේශීය, පුවත්
ජනපතිගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ල වන විවේචන පදනම් විරහිතයි – රාජ්‍ය අමාත්‍ය තාරක

ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචනාත්මක ප්‍රකාශ සිදුකළත් ඒ සියලූ ප්‍රකාශ පදනම් විරහිත බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක් ලෙස පැවතිය නොහැකි බවත්, රට සංවර්ධනය කරා ගෙන යාමට නම් තිබෙන විදෙස් සබඳතා ශක්තිමත් කර ගනිමින් නව විදෙස් සබඳතා ඇති කරගැනීමට නම් විදේශ නිල සංචාර අතිශය වැදගත් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා“ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සංසදයේ සමුළුවට සහභාගි වුණා. එහිදී ව්‍යාපාරික ප්‍රජාව ද හමු වුණා. ලංකාව නැවත ගොඩනඟන ආකාරය සම්බන්ධයෙන් එහිදී ගැඹුරින් සාකච්ඡා කලා. ලංකාවට ආයෝජකයින් කැඳවන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා කලා. ඒ වගේම උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී ලෝකයේ පවතින බල කඳවුරු සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා සාකච්ඡා කලා. 2050 ූවසරේ දී ලෝක ආර්ථිකය සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා. අනතුරුව G77 සහ චීනය සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගී වුණා. එහිදී කාලගුණ විපර්යාස සහ වසංගත තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. එම තත්ත්වයන් අප වැනි රටවල්වලට බලපාන ආකාරයත්, ඒ හමුවේ ආර්ථිකමය හසුරුවා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ද විශේෂත්වයක් වුණා. හරිත ආර්ථිකයක් කරා යොමු වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද අදහස් හුවමාරු වුණා. ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචන සිදුකළත් ඒ සියල්ල පදනම් විරහිත බව මගේ අදහසයි. මෙවැනි ජත්‍යන්තර සමුළුවලට සහභාගී වීමේ වාසිය නම්, අප සහ ලෝකය අතර සහ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හැකිවීමයි. ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක් ලෙස පැවතිය නොහැකියි. රට සංවර්ධනය කරා ගෙනයාමට නම් තිබෙන විදෙස් සබඳතා ශක්තිමත් කර ගනිමින් නව විදෙස් සබඳතා ඇති කරගැනීම ද අවශ්‍යයි. ඒ සඳහා විදේශ නිළ සංචාර අතිශය වැදගත් වනවා. දේශපාලන නායකයන්ට පෞද්ගලික අංශයේ සිටින ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සමඟ කටයුතු කිරීම සහ සංවර්ධනය පිළිබඳව විශේෂ තීන්දු තීරණයන්ට එළඹීමට ද මෙමඟින් හැකියාව ලැබෙනවා. එමෙන්ම නොබැඳි ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කිරීමට ද පසුගිය සංචාරයන් අපට ඉවහල් වුණා. යුක්රේන සහ මැද පෙරදිග යුද්ධ ආසියානු කලාපයට පැතිරීම වැළැක්වීමට ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් ද එහිදී විශේෂ සාච්ඡාවට බඳුන් වුණා. රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තත්ත්වයක් ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. සාමකාමී ලෝකයක් පවත්වා ගැනීමට මෙම සාකච්ඡාවන් ඉවහල් වූ බව ද සඳහන් කළ යුතුයි.ඒ වගේම ආර්ථික සහ සාමාජීය වශයෙන් ගත යුතු පියවර පිළිබදව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ලංකාවට පැමිණෙන ලෙස විසින් විදෙස් රාජ්‍ය නායකයින් වෙත ආරාධනා කළා යැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 206
Previous Post

“අරඹමු ජයගමු“ වැඩසටහනක් ලබන 07 වනදා ගම්පහදී

Next Post

Online Education දෙන්න රජයට වුවමනාවක් නැහැ – විපක්ෂ නායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්

Online Education දෙන්න රජයට වුවමනාවක් නැහැ - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved