• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් වගකීම ඉටු කරන්න – ජනපති ජනතාවගෙන් ඉල්ලයි

13 April 2019
in දේශීය

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටි.

පරිසර සංරක්ෂණයේ වටිනාකම අද අප රට පමණක් නොව මුළු ලෝකයම හඳුනාගෙන තිබෙන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඊයෙ (12) පෙරවරුවේ මඩකලපුව වේබර් ක‍්‍රිඩාංගණයේ පැවති ,රට වෙනුවෙන් එකට සිටිමු, ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය මෙහෙයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ විසින් කි‍්‍රයාත්මක කර තිබෙන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂමව හා ඵලදායී ව කි‍්‍රයාත්මක කරමින් ග‍්‍රාමීය මට්ටමේ සිට දිස්ති‍්‍රක් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප‍්‍රතිලාභ අත්කරදීම ,රට වෙනුවෙන් එකට සිටිමු, වැඩසටහනේ අරමුණයි. රාජ්‍ය ආයතනවලින් විස`දාගත යුතු මහජන ගැටලු හඳුනාගෙන රාජ්‍ය යාන්ත‍්‍රණය ඔස්සේ උපරිම කාර්යක්ෂමතාවයෙන් එම ගැටලු විසඳීමට කටයුතු කිරීම ද මෙම වැඩසටහන මඟින් සිදු කෙරේ.

“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර පසුගිය අපේ‍්‍රල් 08 වන දා මඩකලපුව දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ම ආවරණය කරමින් විවිධ වැඩසටහන් ඒ යටතේ කි‍්‍රයාත්මක කෙරිණි. එම වැඩසටහන් සඳහා විශාල මහජන සහභාගිත්වයක් දක්නට ලැබීම ද විශේෂත්වයකි.

අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සමාප්ති උත්සවයේ දී ද වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කෙරුණු අතර දිස්ති‍්‍රක්කයේ ජනතාවට පොල්පැළ පන්දහසක් සහ කජු පැළ පන්දහසක් බෙදාදීම, තෝරාගත් පවුල් සඳහා ස්වයං රැකියා ණය ප‍්‍රදානය, රණවිරුවන් සඳහා නිවාස ආධාර ප‍්‍රදානය, තිරසර පාසල් සංවර්ධන වැඩසටහන යටතේ පාසල් උපකරණ ප‍්‍රදානය, ගොවි විශ‍්‍රාම වැටුප් ප‍්‍රදානය, ආගමික ස්ථාන සඳහා මුල්‍යාධාර ප‍්‍රදානය, රෝහල් සංවර්ධනය සඳහා උපකරණ ප‍්‍රදානය, පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය සහ ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන යටතේ පරිවාස භාරයේ සිටි දරුවන් දෙදෙනෙකු සිය පවුල් වෙත භාරකිරීම ඇතුළු වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරිණි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ නීති විරෝධි මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් රටට පැමිණෙන්නේ නැගෙනහිර පළාතෙන් බව මේ වන විට හඳුනාගෙන තිබෙන අතර වැටලීම් ශක්තිමත් කිරිම සේම එම තත්ත්වය වළක්වාලීමට ප‍්‍රදේශයේ ජනතාවගේ සහය ද රජය අපේක්ෂා කරන බව යි.

උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා ස්ථාපනය කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් මේ වන විට එම පළාත්වල සංවර්ධනය වඩා ශක්තිමත් සහ කාර්යක්ෂමව ඉදිරියට කි‍්‍රයාත්මක වීම පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් පළ කළේය.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එස්. විලයේන්ද්‍රන්. ජී.බී. ශ‍්‍රීනේෂන්, එස්. යෝගේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ මඩකලපුව දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ ති‍්‍රවිධ හමුදා නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 21
Previous Post

යුද්ධයට යන්න එපා – පාප් වහන්සේ දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් ඉල්ලයි

Next Post

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා තියන්න – මන්ත්‍රී නාමල් කියයි

editor

editor

Next Post

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා තියන්න - මන්ත්‍රී නාමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved