27 April 2024
#දේශීය

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා තියන්න – මන්ත්‍රී නාමල් කියයි

දිරියේදී ජනාධිපතිවරණ මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ(12) හම්බන්තොට පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.

මන්ත්‍රිවරයා එහිදී කියා සිටියේ පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ පරාජය වීමට ඇති බය නිසා බවයි.

ජාත්‍යන්තර වශයෙන් කුමන නඩු පැවරුවද ඉන් මෙරට දේශපාලන තීන්දු තීරණ වෙනස් නොවන බවයි. පැමිණෙන සියළුම මැතිවරණ සඳහා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ පළමුව පළාත් සභ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරය පවත්වන ලෙසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *